ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දුෂණය කළ සිද්ධියට අදාළව වරදකරුවන් වු පුද්ගලයින් සිව්දෙනෙකුට ඊයේ (20) මරණ දඬුවම ලබාදීමට එරට රජය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එම මාධ්‍ය වාර්තා අනුව අදාළ වරදකරුවන් සිව්දෙනාට දිල්ලි ප්‍රාන්තයේ තිහාර් බන්ධනාගාරය තුලදී අද අලූයම 05.30 ට මෙලෙස මරණ දඬුවම ලබාදී ඇත.
ඒ අනුව 2015 වසරෙන් පසුව ඉන්දියාව මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ පළමු අවස්ථාව මෙය වේ.
මෙලෙස මරණ දඬුවම හිමිවූයේ 25, 26, 31 සහ 32 වයස් කාණ්ඩවල පසුවන චූදිතයින් සිව්දෙනෙකුටය. අදාළ දුෂණ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු වරදකරුවන් කෙරුණු නමුත් ඉන් එක් අයෙකු බන්ධනාගාරය තුලදී මියගියේය. අනෙක් පුද්ගලයා සිද්ධිය වන සමයේදී බාලවයස්කරුවෙකු වූ බැවින් ඔහු වසර 03 ක පරිවාස භාරයකින් පසුව මුදා හැර තිබේ.
2012 වසරේ දෙසැම්බර් මස 16 වනදා නව දිල්ලි අගනුවර ධාවනය වෙමින් තිබූ බස්රථයක් තුලදී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් වධහිංසා පමුණුවා දුෂණය කිරීම සම්බන්ධව මොවුන්ට චෝදනා එල්ල විය. එම සිද්ධිය ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම වෛද්‍ය ශිෂ්‍යාව ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලක් වෙත යොමු කළද පසුවූ ඇය මියගියේය.
මෙවැනි සිද්ධියකට මුහුණ දුන් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි කිරීම ඉන්දීය නීතියට පටහැනි වන බැවින් එම වෛද්‍ය ශිෂ්‍යාව ලොව පුරා හැඳින්වුණේ ‘‘නිර්භයා’’ ලෙසිනි.