මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය එක්ව ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඉරානය විසින් කලාපයේ රටවල් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින මෙම රටවල් තුන, ගල්ෆ් කලාපයේ තම මිත්‍ර පාක්ෂිකයින්ගේ ආරක්ෂාව සහ මූලෝපායික අවශ්‍යතා තහවුරු කිරීම වෙනුවෙන් ඕනෑම මොහොතක “ආරක්ෂිත පියවර” (Defensive Action) ගැනීමට සූදානම් බව අවධාරණය කරයි.
මෙම ඒකාබද්ධ ප්‍රකාශය හරහා ඔවුන් පෙන්වා දෙන්නේ ඉරානයේ ක්‍රියාකලාපය කලාපීය ස්ථාවරත්වයට බරපතළ තර්ජනයක් වී ඇති බවයි. බටහිර බලවතුන් මෙලෙස සෘජුවම මැදිහත් වීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමඟ මැදපෙරදිග අර්බුදය තවදුරටත් ගෝලීය මට්ටමේ ගැටුමක් දක්වා වර්ධනය වීමේ අවදානමක් මතුව ඇත. පවතින තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන අතර, මෙම යුරෝපීය රටවල් තුන ඉරානයට බලකර සිටින්නේ වහාම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් බැහැර වන ලෙසයි.















