ප්‍රංශයේ H Company නම් AI ආරම්භක සමාගම (Startup), පරිගණක හෝ දුරකථන තිරයක ඇති තොරතුරු කියවා, ස්වයංක්‍රීයව බොත්තම් එබීම (Clicks), දත්ත ඇතුළත් කිරීම (Inputs) සහ විවිධ ඇප්ලිකේෂන් කිහිපයක් හරහා වැඩ කටයුතු නිම කළ හැකි Holo3 නම් නවතම AI මාදිලිය හඳුන්වා දී තිබේ. මෙහි විශේෂිත විවෘත මූලාශ්‍ර (Open-source) සංස්කරණයක් වන Holo3-35B-A3B දැන් Hugging Face වෙබ් අඩවිය හරහා නොමිලේ ලබාගත හැක.
Holo3 සතු සුවිශේෂී හැකියාව වන්නේ තනි ඇප් එකක වැඩ කිරීමට වඩා, ඇප් කිහිපයක් අතර මාරු වෙමින් සංකීර්ණ කාර්යයන් සිදු කිරීමයි. උදාහරණයක් ලෙස, PDF ගොනුවකින් මිල ගණන් ලබාගෙන, එය Excel ගොනුවක ඇති අයවැය දත්ත සමඟ සංසන්දනය කර, අවසානයේ ඊමේල් පණිවිඩයක් යැවීමට පවා මෙයට හැකියාව ඇත. මෙය වෙබ්, ඩෙස්ක්ටොප් සහ මොබයිල් යන සියලුම පරිසරයන් තුළ ක්‍රියාත්මක වේ.
මෙම AI මාදිලිය පුහුණු කිරීම සඳහා සැබෑ මානව දත්ත මෙන්ම කෘතිමව නිර්මාණය කරන ලද ආයතනික පද්ධති දත්ත ද යොදාගෙන තිබේ. එහි කාර්යසාධනය මැන බලන ජාත්‍යන්තර OSWorld පරීක්ෂණයේදී Holo3 ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වී ඇත. දැනට නොමිලේ ලබාදෙන API පහසුකම යටතේ විනාඩියකට ඉල්ලීම් 10ක් දක්වා සිදු කිරීමට පරිශීලකයන්ට අවස්ථාව හිමි වේ.














