ඉරාකයේ කුර්දිස්ථාන කලාපයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ප්‍රංශ සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද (මාර්තු 13) තහවුරු කළේය. එර්බිල් (Erbil) ප්‍රදේශයේ පිහිටි මෙම කඳවුරේ ප්‍රංශ සෙබළුන් ඉරාක හමුදාවන්ට ත්‍රස්ත විරෝධී පුහුණුව ලබා දෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර තවත් සෙබළුන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම ප්‍රහාරය “පිළිගත නොහැකි” ක්‍රියාවක් ලෙස හැඳින්වූ මැක්‍රොන්, කලාපය තුළ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ප්‍රංශය සිය ස්ථාවරය වෙනස් නොකරන බව අවධාරණය කළේය. මීට අමතරව තෙල් මධ්‍යස්ථාන ඉලක්ක කර ඉරානයෙන් එල්ල වූ තර්ජන හමුවේ සෞදි අරාබිය විසින් ඩ්‍රෝන යානා 24කට අධික ප්‍රමාණයක් වෙඩි තබා බිම හෙළා ඇති බව ද වාර්තා වේ. ඉරාන අගනුවර වන ටෙහෙරානයෙන් ද නව පිපිරීම් වාර්තා වන අතර කලාපය පුරා ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී.
මැදපෙරදිග පවතින මෙම අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා පවතින අතර මෙය ඉතිහාසයේ දරුණුතම සැපයුම් බිඳවැටීම විය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අනතුරු අඟවයි. කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තෙල් මිලට වඩා ඉරානයේ “දුෂ්ට අධිරාජ්‍යය” පරාජය කිරීම වැදගත් බවයි.













