• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ නොමිලේ විදුලි සම්බන්ධතා ලබා දෙනවා – රාජ්‍ය ඇමැති දුමින්ද

9 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ජනතාවගේ මූලික අයිතියක් ලෙස විදුලිය පිළිගෙන සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ නොමිලේ විදුලි සම්බන්ධතා ලබා දෙන බවත්, මේ වසර තුළ මෙරට සියලු නිවෙස් වෙත විදුලි ලබා දී අවසන් කරන බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ වාරී සෞභාග්‍යා වැඩසටහන යටතේ අනුරාධපුර, ඉපලෝගම පල්ලේකාගම වැව ප්‍රථිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින්ය.

දීර්ඝ කාළයකින් ප්‍රථිසංස්කරණය නොකෙරුණ පල්ලේකාගම වැව, රොන් මඩ හා පාසී පිරී අවභාවිතයට ලක්වී තිබූ අතර, රුපියල් මිලියන 18 ක වියදමින් මෙලෙස වාරී සෞභාග්‍යා වැඩසටහන යටතේ ප්‍රථිසංස්කරණය කිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” ගමට බලාගාරයක් කියන ව්‍යාපෘතිය යටතේ බලාගාර 7000 ක් ලංකාව තුළ අපි නිර්මාණය කරනවා, ඒ සඳහා කැබිනට් අනුමැතියත් දැන් ලැබිලා තියෙනවා. ඒ ව්‍යාපෘතියත් කඩිනමින් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා, ඒ අනුව අපි අනුරාධපුරයේ පමණක් කුඩා බලාගාර 750 කට වැඩි ප්‍රමාණයක් අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිර්මාණය කරනවා.ඒ හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ගොවිතැනින් ආර්ථිකය ශක්තිමත් කර ගන්නවා වගේම බල ශක්තිය නිෂ්පාදනය හරහාත් කුඩා ව්‍යාපාරිකයෝ, ග්‍රාමීය ව්‍යාපාරිකයෝ බිහි කර ගැනීමේ අරමුණින් තමයි ගමට බලාගාරයක් වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නේ,මේ අයුරින් විශාල වැඩකොටසක් අපේ අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වෙනවා.

මීට පෙර සෑම ආණ්ඩුවකින්ම අපි කථා කලා වගේ නොවී , කථාවට වඩා ක්‍රියාවෙන් වැඩ පෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා.අපේ අමාත්‍යංශයේ පමණක් පහුගිය කාලයේ කුණු වලින් විදුලිය නිෂ්පාදනය කරන බලාගාරයක් ආරම්භ කළා මීට සති කීපයකට කලින්, ගිය සතියේ අපි ආරම්භ කලා ඩීසල් වලින් තොරව, ද්‍රව වායු භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ මෙගා වොට් 350 බලාගාරයක් අපි ආරම්භ කලා, එය අපි තව අවුරුදු 03 ක් ඇතුළත අංග සම්පූර්ණව නිම කරලා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ හරහා තවත් විදුලි නිෂ්පාදනයට සිදු වන වියදම අඩු කර ගෙන විදුලි බිලට සහනයක් ජනතාවට ලබා දෙන්න හැකියාව ලැබෙනවා.ඒ වගේම තවත් මෙගා වොට් 150 ක බලාගාර 23 ක් සඳහා අවසර ලබා දීලා ඒකත් දැන් ක්‍රියාත්මක කර ගෙන යනවා, මේ බලාගාර 23 ත් ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ වගේ විශාල වැඩ කොටසක් සෑම අමාත්‍යංශයක්ම කරගෙන යන මොහොතේ අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ මේ ගමනත් එක්ක එකතු වෙන්න, දේශපාලනය පැත්තකින් තියන්න, දේශපාලනය අවශ්‍යය වන්නේ මැතිවරණ කාලයට පමණයි, මැතිවරණයක් ඉවර වුණාට පස්සේ ජයග්‍රාහී කණ්ඩායමත් එක්ක පැරදිච්ච අය, පැත්තකට වෙලා හිටපු අය, කළකිරිච්ච අය මේ හැමෝම එකතු වුණොත් තමයි ජයග්‍රහණය කරපු අයට මේ රටට සංවර්ධනය ගේන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිව පැරදුන කෙනා කකුලෙන් ඇද්දොත්, කලකිරිච්ච කෙනා කකුලෙන් ඇද්දොත්, තරහා කෙනා කකුලෙන් ඇද්දොත් අපිට මේ ගමන යන්න පුලුවන්කමක් නෑ, ඒ නිසා මේ අවුරුදු 05 රට හදන අවුරුදු 05 ක් බවට පත් කරදේශපාලන වාද-භේද සියල්ලම පැත්තකින් තියලා. මොකද මේ රට හැදුනොත් පක්ෂ කෙනාගෙයි , විපක්ෂකෙනාගෙයි මේ හැමෝගෙම දරුවන්ට සුභවාදී වෙනවා. මේ වෙලාවේ අපි කර ඇරියොත්, තොපිට කර ගන්න බැරි වුණා අපි ඇවිල්ලා කරන්නම් කියලා කෙලවෙන්නේ අපේ දරුවන්ටම නේද? ඒකට පක්ෂ භේදයක් නෑ. රට හදන අවුරුදු 05 බවට මේ අවුරුදු 05 පත් කරන්න ඔ්නකම තියෙනවා.ඒ වෙනුවෙන් ඔබතුමන්ලා අත්වැල් බැඳ ගන්න ඔ්න, ඒ වෙනුවෙන් ඒකරාශ්‍රී වෙන්න ඔ්න, එහෙම වුණොත් තමයි අපිට මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ.

ඇමතිවරයා මාරුවන විට,ආණ්ඩු මාරු වන විට රජයේ ප්‍රථිපත්ති මාරු වෙන ක්‍රමය නවත්තලා රටේ ස්ථිරසාර ප්‍රථිපත්ති හදලා ඒ ප්‍රථිපත්ති රටේ මූලික දේ ලෙස ක්‍රියාත්මක කරවන්න අපි බලාපොරොත්තු වෙනවා.නැත්නම් ආණ්ඩු මාරු වෙන කොට, ඇමතිවරු මාරු වෙන කොට ප්‍රථිපත්ති, වැඩසටහන් මාරු වෙනවා.අපේ රටට සෘජු ප්‍රථිපත්ති තියෙන්න අවශ්‍යයි, ස්ථිරසාර වැඩපිළිවෙලක් තියෙන්න ඔ්න, ආණ්ඩු මාරු වෙන කොට යම්කිසි ප්‍රථිපත්ති වෙනස් වෙන්න පුළුවන් හැබැයි රටේ මූලික ප්‍රථිපත්ති ටික තියෙන්න ඔ්නක ම තියෙනවා.එහෙම වුණොත් තමයි දියුණු රටවල වගේ ආණ්ඩු මාරු වෙනවා, නායකයෝ මාරු වෙනවා හැබැයි රට ඉස්සරහට යනවා, හැබැයි අපේ රට ගත්තම ආණ්ඩුවෙන් ආණ්ඩුවට, ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ප්‍රථිපත්තිය වෙනස් වීමත් එක්ක බොහෝ හොඳ දේවල් අපෙන් ගිලිහිලා තියෙනවා.ඒ නිසා අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ කාලයේ මෙන්න මේ කියන ප්‍රථිපත්ති හැදීමත් සිදු කරන්න, රට හැදෙනවා කියන්නේ පාරට තාර ටික දාන එක, බොරළු ටික දාන එක, ලයිට් ටික, වතුර ටික දෙන එක පමණක් නෙමෙයි, මේ රටේ වෙනස් නොවන ස්ථිරසාර ප්‍රථිපත්ති හැදීම තුල තමයි රටේ අනාගතය සුභවාදී වෙන්නේ. අපේ නූපන් දරුවාගේ අනාගතය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත්, මේ ආණ්ඩුවත්, මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන්න සියලු දෙනාගේත් බලාපොරොත්තුව වෙලා තියෙන්මේ මේ අවුරුදු 05 කොහොම හරි වැඩ කර ගන්න එක නෙමෙයි,මේ අවුරුදු 05 න් එහාටත්, නූපන් දරුවාටත් ශක්තිමත් රටක් දියුණු රටක් සංවර්ධිත රටක් බවට මේ රට පත් කරන්න අවශ්‍ය කරන ප්‍රථිපත්තිමය වෙනස්කම් ටික, ප්‍රථිපත්ති හදන එක, වැරදි දේ ඉවත් කරන එක, අලුත් දේ එකතු කරන එක තුළ තමයි රටේ අනාගත දරුවන්ට හොඳ රටක් අපි බිහි කලා, ඒ වෙනුවෙන් අපි අඩිතාලමක් දැම්මා, ඒ වෙනුවෙන් අපි කැපවුණා කියන දේ අපිට කියන්න පුලූවන්කම තියෙන්නේ යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලඥයින්, ගොවි සංවිධාන නියෝජිතයින්, ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

 

Post Views: 1
Previous Post

ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

Next Post

Expo -2020 ප්‍රදර්ශනය තාක්ෂණික දැනුම හුවාමාරු කරගැනීමට කදිම අවස්ථාවක් – ක්‍රිඩා අමාත්‍ය නාමල් කියයි

editor

editor

Next Post

Expo -2020 ප්‍රදර්ශනය තාක්ෂණික දැනුම හුවාමාරු කරගැනීමට කදිම අවස්ථාවක් - ක්‍රිඩා අමාත්‍ය නාමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved