තිඹිරිගස්යාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී QR කේතය නොමැතිව ඉන්ධන නිකුත් කිරීම සඳහා රුපියල් 3,000ක මුදලක් ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩී. සූරියබණ්ඩාර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. මෙවැනි අක්‍රමිකතා සිදුවීමට ඉඩ ඇති බව පිළිගත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා, QR පද්ධතියේ පවතින ගැටලු අද දිනය තුළ විසඳෙන බැවින් මෙවැනි වංචනික ක්‍රියාවන්ට ඇති ඉඩකඩ ඉදිරියේදී අවසන් වනු ඇති බවට සහතික විය. පද්ධතිය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ජනතාවට මෙවැනි පීඩාවන්ට මුහුණ දීමට සිදු නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














