පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා දිවයින පුරා සිටින ඉන්ධන පිරවුම්හල් හිමියන් හෙට (අප්‍රේල් 06) පෙරවරු 09.30 ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වන බව ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය (PDA) ප්‍රකාශ කර තිබෙනවා.එම සංගමයේ විධායක කමිටු සාමාජික ඩී. වී. ශාන්ත සිල්වා මහතා පවසන්නේ දැනට ක්‍රියාත්මක වන ඉරට්ටේ-ඔත්තේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවේදය හේතුවෙන් පිරවුම්හල් සේවකයින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවයි. එමෙන්ම පවතින මිල සූත්‍රය යටතේ ඛනිජ තෙල් සංස්ථාවට $6\%$ ක මෙහෙයුම් ලාභයක් ලැබුණද, පිරවුම්හල් සඳහා මීට පෙර හිමිවූ $3\%$ ක ලාභාංශය නව පාලනාධිකාරිය විසින් ඉවත් කර ඇති බවටද ඔහු චෝදනා කරනවා. මීට අමතරව ඩීසල් සහ පෙට්‍රල් තොග නියමිත වේලාවට නොලැබීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාම බරපතල අර්බුදයකට ලක්ව ඇති බවද සඳහන්.සියලුම ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ට හිමිවිය යුතු සමාගම් ප්‍රසාද දීමනා (Bonus) මෙතෙක් ලබා දී නොමැති බවත්, සේවකයින් සිය ජීවිකාව ගෙනයාමට දැඩි සටනක නිරත වන බවත් පවසන එම සංගමය අනතුරු අඟවන්නේ මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් නොලැබුණහොත් දිවයින පුරා පිරවුම්හල් පවත්වාගෙන යාම අඩාල විය හැකි බවයි.














