විදුලිබල උත්පාදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් ඊයේ (12) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ අදාළ නෞකාවේ අඩංගු දැවිතෙල් මේ වන විට කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය වෙත සම්ප්‍රේෂණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
මෙම ඉන්ධන තොගය විදුලි උත්පාදනය සඳහා ලැබීමත් සමඟ උත්සව සමයේ බාධාවකින් තොරව විදුලිය සැපයීමේ හැකියාව තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාතික පද්ධතියට අවශ්‍ය ඉන්ධන කළමනාකරණය කරමින් විදුලි බලය අඛණ්ඩව පවත්වාගෙන යාමට බලධාරීන් පියවර ගෙන ඇති පසුබිමක මෙම ඉන්ධන නෞකාව මෙරටට ළඟා වීම විශේෂත්වයකි.














