• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දවුලගල ඉවත් කිරීම ගැන වැහි නැති හෙණ වදින ගජබින්න කියනවා – මහ බැංකුවේ පුවත්පත් නිවේදනයට රෝහිණී කවිරත්න පිළිතුරු 

22 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුල්‍ය මණ්ඩල ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය ඉවත් පිළිබඳ තමා විසින් ඉදිරිපත් කර චෝදනා සම්බන්ධයෙන් මහ බැංකුව අප්‍රභංශ පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

මන්ත්‍රීවරිය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මහ බැංකුව අසත්‍ය ජනගත කිරීම මහ බැංකුවේ වත්මන් ව්‍යවහාරය බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කල නිවේදනය පහත පරිදි වේ.

එම නිවේදනය කරුණු වසන්කර, අසත්‍ය මතු කර ඇත. ලංකාවේ වැඩිම වැටුප් ලබන වෘත්තීය භාවයෙන් ඉහළ යැයි තමන් හදුණාගන්නා මහ බැංකුව අසත්‍ය ජනගත කිරීම මහ බැංකුවේ වත්මන් ව්‍යවහාරයයි.

මහ බැංකු ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මුල්‍ය ලේකම් ධූරයේ කටයුතු කළ අයෙකු පුවත්පත් නිවේදනයෙන් පවසන පරිදි කාලයෙන් කාලයට වෙනස්කර/මාරු කර නැත. එය සාමාන්‍ය ගැමි ව්‍යවහාරයෙන් පවසන ‘වැසි නැති හෙන ගහන ගජබින්නය‘ කි. මහ බැංකුව පුවත්පත් නිවේදන මගින් ගජබින්න පැතිරවීම නින්දාසහගතය.

අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර වංචාවට අවශ්‍ය ලෙස මුදල් මණ්ඩල ලේකම් මාරු කිරීමෙන් පසුව පිළිගත් ක්‍රමවේදයෙන් පිට මුදල් මණ්ඩල ලේකම් මාරුකර ඇත්තේ පළමු වතාවට ය.

මහ බැංකු පුවත්පත් නිවේදනය වසන් කරන සත්‍යය මෙසේය.

මුදල් මණ්ඩල ලේකම් ධූරයට පත් කරනු ලබන්නේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධිපතිවරයා ය. වැඩිම කලක් දෙපාර්තමේන්තු ප්‍රධානීයා ලෙස කටයුතු කළ පුද්ගලයාය. ඔවුන් සහකාර අධිපති තනතුරින් නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස උසස්වීම් ලැබූ පසුව මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙකු පත්වේ.

සී.ජේ.පී.සිරිවර්ධන වෙනුවට සහකාර අධිපති එච්.ඒ.කරුණාරත්න මුදල් මණ්ඩල ලේකම් වූවේ සිරිවර්ධන නියෝජ්‍ය අධිපති ලෙස පත් වූ පසුවය.

2016 ජූලි කේ.ඩී.රණසිංහ වෙනුවට එච්.ඒ.කරුණාරත්න පත්වූවේ රණසිංහ මහතා උසස්වීම ලැබූ පසුව පමණය.
එච්.ඒ.කරුණාරත්න වෙනුවට දවුලගල පත්වූවේ ඇය එවකට සිටි ජ්‍යෙෂ්ඨතම සහකාර අධිපතිනිය වූ නිසාය.

දවුලගල ඉවත්කර ජේ.පී.ආර්.කරුණාරත්න සහකාර අධිපති පත් කර ඇත්තේ ඔහුට විරුද්ධව ‘‘ Corporate Management Committee සමාජිකයෙකු ලෙස සිට සංවේදී තොරතුරු තුන්වන පාර්ශවයකට ලබාදීම පිළිබඳ විනය පරීක්ෂණයක්‘‘ පැවැත්වෙමින් පවතින අතරය.

මහ බැංකු ගජබින්න පුවත්පත් නිවේදනයේ සඳහන් නොවන නමුත්, මුල්‍ය මණ්ඩල ලේකම් මනික් නාගහවත්ත වෙනුවට ක්‍රිෂාන්ති අබේනායක මහත්මිය පත් වූවේ, ඔහු නියෝජ්‍ය අධිපති ලෙස උස්සවීම් ලැබීමෙන් පසුවය. ක්‍රීෂාන්ති අබේනායක මහත්මිය විශ්‍රාම ලබන තුරු (අවු. 60) එම තනතුර දැරූ අතර, ඉන් පසු ධීරසිංහ මහතා එම තනතුරට පත් විය. ධීරසිංහ මහතාගෙන් පසුව රෝස් කුරේ මුදල් මණ්ඩල ලේකම් වූවේ, ධීරසිංහ නියෝජ්‍ය අධිපති වූ නිසාය. රෝස් කුරේ උසස්වීම් ලැබූ පසුව අනුප්‍රාත්තිකයා වූයේ ප්‍රියන්ත ප්‍රනාන්දු ය. ඔහු උසස්වීම් ලැබූ පසුව සමරසිරි මහතා ලේකම් ධූරයට පත් විය. ඔහු නියෝජ්‍ය අධිපති ලෙස පත් වූ පසුව එච්.ඒ.කරුණාරත්න මුදල් මණ්ඩල ලේකම් විය.

බැඳුම්කර වංචාවේ මහ මොළය වූ අර්ජුන මහේන්ද්‍රන්, අද කබ්රාල් සිදු කරන ලෙසම එච්.ඒ.කරුණාරත්න මුදල් මණ්ඩල ලේකම් ධූරයෙන් ඉවත් කළා පමණක් නොව, නියෝජ්‍ය ලේකම් දවුලගල මහත්මිය ද මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් තනතුරෙන් ඉවත් කළේය. මහ බැංකුව කඩා, දෙවවරක් ම බැදුම්කර වංචාව සිදු කරන්නට අවස්ථාව අවස්ථාව සලසා ගැනීම එහි අරමුණ විය.

මහ බැංකු ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨතම සහකාර අධිපතිවරයාට පිටින් මුදල් මණ්ඩල ලේකම් ධූරයට අර්ජුන මහේන්ද්‍රන් පත්වීම් කළේ බැඳුම්කර වංචාව සිදු කිරීමට ය. දැන්, දවුලගල ඉවත්කර විනය පරීක්ෂණයකට මුහුණ දී සිටින එච්.ඒ.කරුණාරත්න ලේකම් තනතුරට පත් කර ඇත්තේ තවත් වරක් මහ බැංකු මංකොල්ලයක සැලසුමක් ලෙස විය හැකිය.

මහ බැංකුව දවුලගල ඉවත් කිරීම පිළිබඳ මාගේ ප්‍රකාශයේ ලැජ්ජාව මකා ගැනීමට, පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් සියක් කඩතොළු සාදාගෙන ඇත.

මහ බැංකුවේ ගජබින්න පුවත්පත් නිවේදනය සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් මේ සමඟ අමුණා ඇත.

රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීණී

 

Post Views: 1
Previous Post

සෞභාග්‍යයේ දූෂණය කබ්රාල්ගේ මහ බැංකු පුටුවෙන් පෙනේ – මන්ත්‍රී ඉරාන්

Next Post

INSEE සිමෙන්ති කොවිඩ් ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට සහන සලසයි

editor

editor

Next Post

INSEE සිමෙන්ති කොවිඩ් ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට සහන සලසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved