ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක දැනට තැන්පත් කර ඇති ඉරාන නාවිකයන් 84 දෙනෙකුගේ මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දෙන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා අද (11) පෙරවරුවේ නියෝග කළේය. ගාල්ල වරාය පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව රෝහල් අධ්‍යක්ෂවරයා වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වයත් සමඟ මෙරට මුහුදු සීමාවේදී හෝ ආසන්න මුහුදේදී අනතුරට පත්වූ මෙම නාවිකයන්ගේ සිරුරු මෙරටට රැගෙන ඒමෙන් පසු ගාල්ල රෝහල වෙත යොමු කර තිබිණි. මෙම සිරුරු භාර දීමෙන් පසු ඒවා ඉරානය වෙත ගෙන යාම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.














