ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 13 දෙනෙකුගේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සහතික සනාථ කළ නොහැකි ව්‍යාජ ඒවා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් දිස්ත්‍රික් දිවි නැඟුම අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබෙනවා. ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කර ඇති අලුත්ම විගණන වාර්තාවකයි මේ බව අනාවරණය වී ඇත්තේ.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවට අනුව, මෙම නිලධාරීන් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බව හෙළි වී තිබෙනවා. එබැවින් ආයතන සංග්‍රහයට අනුව ඔවුන්ට එරෙහිව කඩිනමින් විනය පියවර ගත යුතු බව විගණන අංශ මඟින් නිර්දේශ කර තිබෙනවා.
මේ පිළිබඳව විගණන අංශ වෙත අදහස් දක්වා ඇති ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීවරයා පවසා ඇත්තේ මෙම නිලධාරීන් 13 දෙනා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අදාළ කමිටු තීරණය පදනම් කරගෙන සිදු කරන බවයි.














