ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළාගිය සහෝදරයන් දෙදෙනෙකු විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරය පුද්ගලික කෝන්තරයක් මත හෝ කප්පම් ඉල්ලීමේ අරමුණින් සිදු වූවක් බවට මූලික විමර්ශනවලදී සැක කෙරේ.
ප්‍රහාරයෙන් නිවසේ දේපළවලට අලාභහානි සිදුවී ඇති නමුත් වාසනාවකට මෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පොලිසිය තහවුරු කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී තවත් ජීව අත්බෝම්බයක් සහ ප්‍රහාරය සඳහා පැමිණි යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත. දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මර්දනය කිරීමට යුද හමුදා බුද්ධි අංශ සහ පොලිසිය එක්ව දියත් කර ඇති විශේෂ මෙහෙයුම් හමුවේ මෙම සැකකරුවන් කොටු කර ගැනීමට හැකි වී තිබේ.
සැකකරුවන් දෙදෙනා අද දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මොවුන් මීට පෙර ද විවිධ අපරාධවලට සම්බන්ධ වූවන් දැයි සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.













