ගාල්ල තෙලිකඩ ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ බිහිසුණු තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කරයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 73 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් සහ 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ මියගිය කාන්තාවගේ දියණිය මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටී. පොලිස් පරීක්ෂණවලට අනුව මෙම ද්විත්ව ඝාතනයට හේතු වී ඇත්තේ කාලයක සිට පැවති පවුල් ආරවුලක් දුරදිග යාමයි. සිද්ධිය සම්බන්ධයෙන් තෙලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇත.














