පැෆරල් සංවිධානයේ (PAFFREL) ඉල්ලීමකට අනුව පිවිතුරු හෙළ උරුමය සහ එම සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. මෙරට මැතිවරණ ක්‍රමයේ සිදු විය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව මෙහිදී දීර්ඝව අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම දේශපාලන පක්ෂ ලියාපදිංචිය විධිමත් කිරීම සහ විදේශගත ලාංකිකයන්ට මෙන්ම බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ට ඡන්ද අයිතිය ලබා දීම වැනි ප්‍රගතිශීලී කරුණු පිළිබඳව සාකච්ඡා වූ බව උදය ගම්මන්පිල මහතා පැවසීය. එමෙන්ම දැනට ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වයම පොදු එකඟතාවකට පැමිණ තිබේ.














