• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෘෂ්‍ය ආබාධිතයින්ගේ ඇඟලුම්කම්හල මන්ත්‍රී දුමින්දගේ නිරික්ෂණයට

24 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දෑස් නොපෙනෙන මිනිසුන්ට දෑස් පෙනෙන මිනිසුන් සේ චිත්ත ශක්තියෙන් වැඩ කටයුතු කරලීමට අවශ්‍ය ශක්තිය හා මාර්ගෝපදේශක්තවය ලබා දෙමින් ඉතා අංලකාර නවීන විලාසිතාවන්ගෙන් යුතු ඇඟලුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට සැලවී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම ඇගලුම්හල නිරීක්ෂණය කරනු ලැබීය.

මෙම දෘෂ්‍ය ආබාධිත ඇගලුම්හලේ හිමිකාරිය දිලේකා මනෝරි වික්‍රමනායක (අවුරුදු 51) වන අතර ඇයගේ මින් පෙර පදිංචිය සීදුව ප්‍රදේශයේ වන අතර මීට වසරකට පමණ පෙර අනුරාධපුර කහටගස්දිගිලියේ තම ස්වාමියාගේ ගම වෙත පැමිණ ඇත.අනතුරුව ඇය දෘෂ්‍ය ආබාධිත පිරිස් පිළිබඳ අවධානය යොමු කරමින් දෘෂ්‍ය ආබාධිත පිරිස් සමාජයෙන් කොන් කරන යුගයක,සාමාජයෙන් පිළිකුල් කරන මොහොතක ඇය ඔවුන් දෙස සංවේදීව බලා යහපත් සමාජයක් ගොඩ නැංවීම උදෙසා ගන්නා ලද උත්සාහයක ප්‍රතිඵල අද වන විට මල්ඵල ගැන්වී තිබේ.
එනම් දෘෂ්‍ය ආබාධිත අය පමණක් සේවය කරනු ලබන කුඩා ඇඟලුම් කර්මාන්ත ආයතනයක් නේත්‍රාංජලී යන නමින් පවත්වාගෙන යනු ලබන අතර මේ වන විට 07දෙනෙකු මෙම ස්ථානයේ සේවය කරනු ලබයි.එක් අයෙකු පමණක් දෑස් පෙනෙන අයෙකු ලෙස සේවය කරනු ලබන අතර ඇය ද පාද වල ආබාධ නිසා ඇය සේවය ලබා දෙනු ලබන්නේ ද රෝද පුටුවක ආධාරයෙනි.පුහුණු උපදේශිකාවක් ලෙස එම ආයතනයේ සේවය කරනු ලබයි.

අද වන විට අනෙකුත් දෑස් නොපෙනෙන තරුණ තරුණියන් ඉතා කඩිසරව දෑස් පෙනෙන අයවලුන් සේ සේවය කරන ආකාරය අපට දක්නට ලැබිණි.මේ වනිවට අමුරෙද්දෙන් නිම වූ ඉතා අලංකාර ගවුම් නිර්මාණය කරමින් “මම් ඇන්ඩ් බේබි” සංකල්පය අනුව අම්මාට අමු රෙද්දේන් නිම වූ ගවුමක් ද දුවට ඉතා කුඩා සායක් ලෙස නිර්මාණය කරයි.දිනට මේ පිරිස අතින් ගවුම් 12කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වන අතර මේ සියළු දේ දේශීය දේ සමඟ යන ලෙස නිර්මාණය වීම විශේෂ ලක්ෂණයකි.තවද පරිසර හිතකාමී ලෙස බෑගයක්ද මොවුන් නිර්මාණය කරයි.එය අමු රෙද්දෙන් මසා නිම කරන අතර, එය තුළට මී ඇට, ඉගිණි ඇට ආදී ඇට වර්ගයක් ඇතුලත් කර ඇති අතර, එම බෑගය භාවිතා කර විසි කළ පසු ඉන් පැළයක් පැල වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම ඇගලුම් කර්මාන්ත ශාලාවේ කටයුතු සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කරනු ලැබීය.

මෙම දෘෂ්‍ය ආබාධිත පිරිස් ගායනයෙන් වාදනයෙන්ද ඉතා දක්ෂ වන අතර, ඔවුන්ගේ දක්ෂතාවන්ද එහිදී කළ එළි දැක්වීය.

මෙම ආයතනයේ හිමිකාරිය වන දිලේකා වික්‍රමනායක මහත්මිය පවසන්නේ මේ වන විට පරිසරය රැකීම සඳහා සෑම අතින්ම ඇය අනෙක් අයට ආදර්ශයක් දීම පිණිස කටයුතු කරන බවයි.මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් දිලේකා වික්‍රමනායක මහත්මිය ප්‍රකාශ කළේ මේ වන විට දරුවන් 07 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම පුංචි ගාමන්ට් එක විශේෂ වෙන්නේ අන්ධ අයගෙන් වීමයි.මෙය ආරම්භ කරලා අවුරුද්දක් පමණ වෙනවා.අපි මුලින්ම පරිසර හිතකාමී බෑගයක් නිෂ්පාදනය කරා.ඒක අවුරුදු 03ක් වගේ කාලයක් තමයි තියෙන්නේ මේ බෑග් එකේ විශේෂත්වය වෙන්නේ මේ බෑග් එක ඇතුලේ මී ඇටයක් හරි ඉඟණි ඇටයක් හරි තමයි අපි දාලා තියෙන්නේ ඒකේ ජීව කාලය අවුරුදු 03යි.අවුරුදු 03ක් මේ බෑග් එක ඇතලේ සක්‍රීයව තියෙනවා.එතකොට මේ බෑගය වීසි කරාම මේකේ තියෙන රෙදි පවා ඉක්මණින් දිරනවා.මේ අන්ධ අයට ගස් හිටවන්න බෑනේ.ඒත් එයාලා දහස් ගණනක් මිනිස්සුන්ට බීජ බෙදලා දීලා ඒ අය ලවා ගස් හිටුවලා මේ පරිසරය සුන්දර කරන්න ඒ අයත් දායක වෙලා තියෙනවා.
පස්සේ අපි අමු රෙද්දෙන්ම මේ නිර්මාණ කරන්න ගත්තා.ඒ අනුව තමයි මම් ඇන්ඩ් බේබි කන්සෙප්ට් එකේ ඉඳන් අපි අලුත්ම විදිහට අම්මටයි දුවටයි ලස්සන නිර්මාණයක් කළේ.අම්මාට ලස්සන ගවුමකුත්,දුවට චූටි ස්කර්ට් එකකුත් විදිහට.පස්සේ අපි නවීන විලාසිතා වලට අදාළ බ්ලවුස් පවා නිර්මාණය කරන්න ගත්තා.
මේ නිර්මාණ කරන දේවල් නිර්මාණය කරන්නේ ඇස් නොපෙනෙන අය වුණාට මේ ඇඳුම් අදින්නේ ඇස් පේන අය.ඒ නිසා කිසිම විදිහකින් කිසිම අඩුපාඩුවක් නොවෙන්න තමයි අපි මේ නිර්මාණ කරන්නේ.දැනට ඔන්ලයින් බිස්නස් එකක් විදිහට අපි මේ ගවුම් අළෙවි කරනවා.මේවා කැමති අයට මිළදී ගැනීමට හැකියාව තියෙනවා.ඉතාම සාධාරණ මුදලකට තමයි අපි මේවා අළෙවි කරන්නේ.
විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ අයට දාන දෙන්න කියන්නේ නෑ.සමහර වෘත්තීය පුහුණුව ලබා දෙන මුවාවෙන් මේ වගේ ස්ථාන පවත්වාගෙන යනවා.ඒත් අපි එහෙම කරන්නේ නෑ.මොකද අපි මෙතැන්ට දානයක් දෙන්න කියන්නේ නෑ.දාන කියලා කන්න බොන්න දේවල් ලබා ගෙන නෑ.මෙතැන වැඩ කරන හැමෝටම අපි වැටපුක් ලබා දෙනවා.ඒ අයට තමන්ගේ දෙමාපියන්ව පවා බලා ගන්න පුළුවන් අපි දෙන වැටුපෙන්.ඒ වගේම අපි දීර්ඝකාලීන සැලැස්මක් විදිහට මේ අය වයසට ගියාම තනි වෙනවා.සමාජනේ කොන් වෙනවා.දැනට දෙමාපිය රැකවරණය යටතේ ඉන්න අයට අපි කියලා තියෙනවා ඒ දෙමාපියන්ට මේ අයට වෙනමම පර්චස් දෙකක් මේ අයගේ නමට ලියලා දෙන්න කියලා.එතකොට ඒකේ කාමරයක්,කුස්සියක් හා බාත්රූම් එකක් හදලා දෙන්න මාසිකව ගණනක් වෙන් කරලා.ඒ සඳහාත් අපි දැනට අඩිතාලම දාගෙන යනවා.එතකොට මේ අයට තමන්ගේම කියලා තැනක් තියෙනවා වැටිලා ඉන්න හරි.
මේ අය මගේ දරුවෝ වගේ .මගේ දරුවෝ දෙන්නත් මේ අයට තමන්ගේම සහෝදර සහෝදරියන්ට වගේ සළකනවා.අපිට කොහෙන්වත් රජයේ මැදිහත්වීමක් නෑ.මේ මැෂින් ගෙනාවේ මගේ සල්ලි වලින් යැයිද පැවසීය.

හිටපු අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහත්මාට මේ පිළිබඳ සැලවූ ලැබුණු විගස එතුමන් මෙම ස්ථානයට පැමිණ මෙම අන්ධ දරුවන්ගේ දක්ෂතා දැක ඉමහත් සතුටට පත්ව මෙම ස්ථානය දියුණු කිරීමට සියළු බලධාරීන්ගේ සහයෝගය තමන් සමඟ ලබා දෙන බවට පොරොන්දු විය.දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෘෂ්‍ය ආබාධිත ඇගලුම්ශිල්පීන් මහත් සතුටට පත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සේවයේ නියතු දෘෂ්‍ය ආබාධිත අමිල චන්දිම මහතා” ඇස් නොපෙනීම කියන එක වැඩ කරන්න බාධාවක් නෙමෙයි, ඇතැම් පිරිස් අපේ ඔලුව අතගාලා කියනවා කරුමේ තමයි, ගිය ආත්මයේ කරපු පාපයක් තමයි මේ ඵල දීලා තියෙන්නේ ඒ නිසයි ඇස් පේන්නේ නැත්තේ කියලා කියනවා.මේ රටේ හොඳට ඇස් පෙනිලා කන් ඇහිලා කිසිම ආබාධයක් නැති අයත් කුඩු , ගංජා භාවිතා කරනවා, ඒ අයට තමයි අපි පවු කියලා කියන්නේ.කරුමේට මේ ලෝකයට බිහි වුණ අය ඒ අයයි.දෑස් නොපෙනුනුත් අපි යම් රැකියාවක් කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, “මම ඉතාමත් සතුටු වෙනවා නේත්‍රාංජලී ආයතනයට පැමිණෙන්ට ලැබීම පිළිබඳව, මේ ආයතනයේ ඉන්න හිමිකාරිය හා ඇගේ දියණිය ඇරෙන්න අනෙක් හැමෝම දෘෂ්‍ය ආබාධිතයි.මේ වගේ දේවල් ලෝකය රට දකින්න ඔ්න, අපි දකිනවා, අතපය ඇතුළු සියලු අංග උපාංග තිබිලත් අධ්‍යාපන සුදුසුකම් තිබිලත් දේශපාලඥයෙක් පස්සේ යනවා, ආණ්ඩුවට බැන- බැන ඉන්නවා රස්සාවක් නෑ කියලා.මේ අය සමාජයට හොඳ ආදර්ශයක් තමන්ට මොන ආබාධයක් තිබුණත් ජීවිතය ජයගන්න පුලුවන් කියන දේ පෙන්වන්න, අපි කවුරුත් විශ්වාස කරන්නේ නෑ දෘෂ්‍ය ආබාධිත කෙනෙකුට ජුකී මැෂිමකින් මහන්න පුලුවන් කියන එක නෑ.මමත් ඒකයි මේ ආයතනය බලන්න ආවේ, ඇත්තටම පුදුම හිතෙනවා, ඉදි කටුවට නූල දාන එකට පවා ක්‍රම හොයාගෙන, පාට වර්ග හදුනා ගන්න ක්‍රම හොයාගෙන, ඒ වගේම ඇද වෙන්නේ නැතිව කෙලින් මහන්නේ කොහොමද කියලා ඒ ගොල්ලනටම විශේෂිත වූ ක්‍රම හදුනාගෙන, ඒ ගොල්ල පෙන්වලා දීලා තියෙනවා කොහොමද තමන්ගේ ජීවිතය ජයගන්නේ කියලා.මේක ඇස් පේන, අත-පය තියෙන, උගත් කියලා සහතික ගොඩක් තියාගෙන ඉන්න සියලු දෙනාටම ආදර්ශයක් වෙයි.එක එක්කෙනාට බනිනවාට වඩා කොහොමද තමන්ගේ ජීවිතය ජයගන්නේ කියලා.සියලු දෙනාම මේ වගේ දේවල් ආදර්ශයට අරගෙන, හැමදාම බනින අයට උදව් කරනවාට වඩා තමන්ගේ ස්වශක්තියෙන් නැගිටින්න කැමති, මොන ආබාධ තිබුණත් තමන්ට නැගිටින්න පුලුවන් කියන කණ්ඩායමක් ශක්තිමත් කෙරුවොත් මේ රට මීට වඩා හොඳ තැනකට ගේන්න පුලුවන්කම තියෙනවා.දේශපාලඥයෝ විදිහට අපිත් පුරුදු වෙලා තියෙන්නේ බයින, කෑගහන උද්ඝෝෂණ, උපවාස කරන අය පස්සේ යන්න, අපිත් පුරුදු වෙලා තියෙන්නේ මේ වගේ ජීවිතයට ජයගන්න පුලුවන් පිරිසට වඩා ජීවිතය ජයගන්න බෑ කියලා කියන, නැගිටින්න බෑ කියන, කිසිම දේක හොඳක් නොදකින පිරිසක් හංදියක කෑ ගැහුවොත්, උද්ඝෝෂණයක්, උපවාසයක් කරොත් ඒ අයගේ හඩ නවත්වන්න තමයි දේශපාලඥයෝ දේශපාලන පක්ෂ වැඩි උනන්දුවක් දක්වන්නේ හැබැයි ඊට වඩා ප්‍රායෝගික වෙයි, ඊට වඩා රටට දියුණුවක් සංවර්ධනයක් වෙයි මේ වගේ ජීවිතය ජයගන්න කැමති, උනන්දුවක් තියෙන මේ අයට උදව් කලොත් අපේ රට මීට වඩා හොඳ තැනකට ගේන්න පුලුවන්කම තියෙනවා.ආර්ථිකය මේ තරම් වැටිලා තියෙන වෙලාවේදීත් මේ වගේ පිරිස් ශක්තිමත් කළ යුතුයි යැයිද පැවසීය.

NETHRANJALI ෆේස් බුක් පිටුව හරහා මෙන්ම 071-1290175 , 0701524529 හා 070 508 0010 දුරකථන අංකවලින් ඔවුන් සම්බන්ධ කර ගත හැක..
https://www.facebook.com/profile.php?id=100083015966044
ජීවිතයේ කුමක් හෝ අඩුපාඩුවක් නිසා පීඩා වින්ද ද ඒ පිඩාවන් අමතක කර ඉදිරියට යන මෙවැනි අයට අප කුඩා හෝ දිරිගැන්වීමක් ලබා දෙනවා නම් එවැනි පිනක් තවත් නොමැත.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1
Previous Post

දේශද්‍රෝහීන් ලෙස තහනම් කරලා රටින් පිටුවහල් කළ යුතු කිහිපදෙනෙක් ක්‍රීඩාවේ සිටිනවා – ඇමැති රොෂාන්

Next Post

මේ රටේ සමාජ, ආර්ථික සංවර්ධනයක්, සමඟ ඉදිරියට යෑමක් කරන්න අපිට පුළුවන් – මන්ත්‍රී රංජිත් බණ්ඩාර

editor

editor

Next Post

මේ රටේ සමාජ, ආර්ථික සංවර්ධනයක්, සමඟ ඉදිරියට යෑමක් කරන්න අපිට පුළුවන් - මන්ත්‍රී රංජිත් බණ්ඩාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

1 July 2025
ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025

Recent News

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

1 July 2025
ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved