මෙරට පවතින ගෑස් හිඟයට පිළියම් යොදමින් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් අද කොළඹ වරායට පැමිණ තිබේ. මෙම තොගය බෙදාහැරීමත් සමඟ හෙට (23) වන විට වෙළඳපොළ සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බව ලිට්රෝ සමාගම පවසයි. මේ අතර, මාර්තු 12 වැනිදා සිට නව ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමේ කටයුතු ද යළි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. දෛනිකව නිකුත් කරන ගෑස් ප්‍රමාණය දැනටමත් ඉහළ නංවා ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.














