පෙර පැවති රජය ඕමාන සමාගමක් හරහා මෙරටට ගෑස් ලබා ගත්තද, වත්මන් රජය එම කොන්ත්‍රාත්තුව ඇමරිකානු සමාගමකට ලබා දී ඇති බව පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කරයි. රටේ අවශ්‍යතාව සපුරාලීම සඳහා මසකට ගෑස් නැව් හතරක් අවශ්‍ය වුවද, මෙම නව සමාගම සතුව දැනට පවතින්නේ නැව් දෙකක් පමණක් බව ද ඔහු පෙන්වා දෙයි. මෙම සැපයුම් දාමයේ පවතින ගැටලු හේතුවෙන් ඉදිරියේදී ගෑස් සැපයුම අඩාල වීමේ අවදානමක් පවතින බවට ඔහු අනතුරු අඟවයි.














