• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල්ට ඉන්න පුළුවන් කිව්වේ ව්‍යාවස්ථාවට අනුකුලවයි – මහලේකම් පාලිත රංගේ

3 June 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි  වසර දෙකක කාලයක් සිටිය හැකි බව තමා පැවසුවේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (03) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ” ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍ය පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත්ය. මේ පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදයේ හතර යටතේ ජනතාව, රජය සහ පරමාධිපත්‍යය යටතේ මනාව විශ්ලේෂණය කර ඇත. මේ යටතේ පළමු පරිච්ඡේදයේ අංක හතර අ යන්න සහ ආ යන්න ව්‍යවස්ථා යටතේද පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමේ නීත්‍යානුකූල ස්වභාවය පැහැදිලි කර ඇත. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වන පරිච්ඡේදයේ 86 වෙනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත යැයි ඔහු සළකන්නා වූ ඒ කියන්නේ ජනාධිපතිවරයා සළකන්නා වූ යම් කාරණයක් අසූ පස්වෙනි ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක්කේය. ලෙස දක්වා ඇත. ඊට අමතරව 87.1 සහ 87.2 ව්‍යවස්ථා යටතේද මේ පිළිබඳව විශ්ලේෂණය කර ඇත. එහි අ යන්න යටතේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේය. මේ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසූ පස්වෙනි ව්‍යවස්ථාවෙත් මේ පිළිබඳව සඳහන් වෙනවා. 86 වන ව්‍යවස්ථාව ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත යැයි ඔහු ඔහු සලකන්නා වූ යම් කාරණයක් අසූ පස්වෙනි ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක්කේය. ජනාධිපතිවරයාගේ මතය අනුව ඒක ජාතික වැදගත්කමකින් යුක්ත කාරණයක් නම් ජනාධිපතිවරයාට පුළුවන් ජනමත විචාරණයකින් ජනතාවගේ මතය විමසන්න. ඊළඟට 87.1 ව්‍යවස්ථාවේ සෑම ජනමත විචාරණයක්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් පැවැත්විය යුතු අතර ඔහු විසින් එහි ප්‍රතිඵලය ජනාධිපතිවරයා වෙත දැනුම් දිය යුත්තේය. 87.2 ව්‍යවස්ථාව ජන මත විචාරණ මගින් පනත් කෙටුම්පත් සහ ජාතික වැදගත්කමකින් යුතු කාරණා ජනතාව වෙත ඉදිරිපත් කිරීම සඳහා වූ කාර්යය විධානය සහ එවැනි ජනමත විචාරණයකදී භාවිත කළ යුතු ඡන්ද හිමි නාම ලේඛන පිළිබඳ සියලු කරුණු සඳහා ද ඒ හා සම්බන්ධ වැරදි නියම කොට දැක්වීම හා ඒ වැරදි සඳහා වූ දඬුවම් නියම කොට දැක්වීම සඳහාද මීට අවශ්‍ය හෝ අනුශාංගික වෙනත් කරුණු සඳහාද පාර්ලිමේන්තුව මගින් නීති පැනවීමට විධිවිධාන සැලැස්විය යුත්තේය. මම කිව්වේ ජනමත විචාරණයකදී පාර්ලිමේන්තුවේ කාර්යභාරය. මේ කාරණා දෙකම ව්‍යවස්ථාවට පටහැනිත් නැහැ. ප්‍රජාතන්ත්‍ර විරෝධිත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අන්දමට කියන එක සඳහන් කරන්නට කැමතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනයක් ගැන තමයි මම එදා කතා කළේ. අරගලයෙන් පස්සේ ජනාධිපතිතුමා රට බාර අරගෙන මේ කරගෙන යන වැඩපිළිවෙලට ගැන රටේ බහුතර ජනතාවගේ විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා. ජනතාව තුළ පවතින ඒ මතය තමයි මම ඔබට ප්‍රකාශ කළේ. අනිත් පැත්තෙන් විස්සයි විසි හතේදී අපිට විශාල ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඒ වගේම සංවර්ධන වැඩ කටයුතු වලට තවත් ණය ගන්නට සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් රට පෙළ ගස්වන කාලය තමයි මේ එළඹිලා තියෙන්නෙ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට යි. ඇතැම් පක්ෂ මා ඉදිරිපත් කළ මතයට විරුද්ධ වෙන්න පුළුවන්. මට බනින්න පුළුවන්. නමුත් මම ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂ ලෙස එක මතයකට පැමිණ දැන් කරගෙන යන ආර්ථික වැඩපිළිවෙල ඒ ආකාරයටම ඉදිරියට ගෙන යන්නට සූදානම්ද කියන එක ප්‍රකාශ කරන ලෙසයි. මම අනිත් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා මේ වැඩපිළිවෙල පිළි ගන්න කැමතිද ?මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවද කියන එක කරුණාකරලා රටට ප්‍රකාශ කරන්න. මාව විවේචනය කර කර හිටියට වැඩක් නැහැ. මම දේශපාලන පක්ෂ වලින් විමසන්නේ එසේ එකඟතාවයක් ඇති වුවහොත් ඉදිරියටත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවට ජනතාවට විශ්වාසයක් ගොඩනැගෙන එක වැරදිද කියලා මම අහනවා. රට ආපස්සට යනවා වෙනුවට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට සියලු දෙනා ගෙන ඒමටයි මට අවශ්‍ය වෙලා තිබුණේ. අද ගෙන යන වැඩ පිළිවෙල වෙනස් කළොත් කලින් පැවති අඩියටම රට ඇදගෙන වැටෙනවා. ඒ තත්ත්වයට නැවත යන්න කවුරුත්ම කැමති නෑ. එහෙනම් මේ ගෙනයන වැඩපිළිවෙළ එලෙසම පවත්වාගෙන යන බවට එකඟත්වයට පැමිණ අපි ජනාධිපතිවරණයට යමු. මම කිව්වේ ඒකයි. මේ යන පිළිවෙල වෙනස් කළොත් නැවතත් රට කඩන් වැටෙනවා.විස්සයි විස්ස එකේ මාර්තු මාසය වෙද්දි ඇතිවෙලා තිබුණු ඉන්ධන හිඟය,භාණ්ඩ හිඟය ,පෝලිම් ක්‍රමය නැවත ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඉතා සියලු තත්ත්වයට මේ රටේ ජනතාව වැටෙනවා ඒ තත්ත්වයට යන්න ඉඩ දෙනවද ?එහෙම නැතිනම් රට ශක්තිමත් කරලා ජනාධිපතිවරණයකට යනවද? තීන්දු කරන්න තියෙන දේශපාලන පක්ෂවලටයි. කට ගැන සහ ජනතාව ගැන ඉඳලා ඒක තීන්දු කරන්නට අවශ්‍යයි. එහෙම නැතිනම් කල දුටු කළ වල ඉහගෙන පෙරේතකමෙන් දගලන කට්ටිය ඉන්නවනම් කෙටි පාරවලින් හෝ වෙනත් පාරවල්වලින් ගමන් කරාට කමක් නැහැ. රට ගැන හිතන්නේ නැතිව. මේ ගැන කතා නොකර පක්ෂ සහ ජනමාධ්‍ය දින ගණනාවක සිට මේ සම්බන්ධ එල්ලී සිටින බව පේනවා. ඒ තුළින් ඇතිවන අමුතු යහපතක් නැහැ. මේ යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බවට අපි එකඟ වෙමු. දේශපාලන පක්ෂ වලින් මම ඉල්ලන්නේ මේ ගැන ප්‍රකාශයක් කරන්න කියලයි. ඊට පස්සේ ජනාධිපතිවරණයකට යමු. ජනතාව බලාපොරොත්තු වන දේ තමයි මම ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ වෙනස් වෙයි කියලා ජනතාව තුළ සැකයක් තියෙනවා. බයක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මම කතා කරන්නට ඉදිරිපත් වුණේ. රටේ සියලු පක්ෂ එක තැනකට ඇවිල්ල රටේ ජනතාව ගැන හිතලා, නැවත වැටෙන්න දෙන්නේ නැතුව හැමදෙනාම එකඟතාවයකට ඇවිල්ලා එක තැනකට එකඟ වෙමු. ඒ වගේම මේ යෝජනාව කළේ, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් මේ යෝජනාව ඔවුන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් කරන්න කියලයි. අද සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මෙයට විරුද්ධව වචනයක්වත් ප්‍රකාශ කරලා නැහැ. ඒ නිසා ඔවුන්ගේ එකඟත්වය ඒ තුළින් අපිට පේනවා. මම කිව්වේ මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන්න සහයෝගය දෙන්න කියලයි. ඉතින් ඒ වැඩපිළිවෙල කඩාකප්පල් වෙනවා ඔය කියන ආකාරයට ගියොත්. වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නේ නැතුව ඉදිරියට ගියොත් රටේ ආර්ථිකය යහපත්ව තියේවි. එහෙම නැතිවුනොත් මේ රටේ ජනතාව නැවත පීඩනයට පත්වේවි. මගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තමයි කරලා තියෙන්නේ ඒකට පටහැනිව ගිහින් නෑ. ආනුක ව්‍යවස්ථාවේ තියෙන්නේ මැතිවරණ තුනයි එකක් ජනමත විචාරණය අනිත් එක ජනාධිපතිවරණය අනිත් එක පාර්ලිමේන්තු මැතිවරණය. ජනමත විචාරණය කියන්නේ සෘජුවම ප්‍රබලව ජනතාවට බලපාන චන්ද්‍ර අයිතියක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් ජන මත විචාරණයක් තියන්න කියන්නේ නැහැනේ. මහ මැතිවරණයකදී ඉදිරිපත් වන අපේක්ෂකයින් ප්‍රමාණය වැඩි යි. මුද්‍රණය කරන්න වෙන පත්‍රිකා ප්‍රමාණය වැඩියි. මැතිවරණ ව්‍යාපාර වලට විශාල මුදලක් වියදම් වෙනවා. මේකෙදි පාර්ශව දෙකක් විතරයි තිබෙන්නේ. ජනමත විචාරණයකට ලක්ෂයක් යනවනම් ජනාධිපතිවරණයට ලක්ෂ සීයක් යයි.

මම කටයුතු කරල තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව නෙමෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නෙමෙයි කියන එක මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මම මහ පොළොවේ ජීවත් වෙන දේශපාලඥයෙක්. ඔබ දන්නවා කොච්චර ජනතාව දවසකට මාව ගුණ ගැහෙනවද කියල. ඒ වගේම මේ රටේ හැම දිස්ත්‍රික්කයකටම මම සංචාරය කරනවා. මට මහජනතාව කියනවා. ව්‍යාපාරික ප්‍රජාව කියනවා ඒ අයට බයක් තියෙනවා. මේ යන තත්ත්වයෙන් අපි නැවත වැටෙයි කියල. ඉන්න කයියනායක වෙලා විතරයි. මෙතන වැඩ්ඩො නෑ. වැඩකාරයෙක් ඉන්නවනම් විස්සයි විසි දෙකේ පැනල දුවන් නෑ බාරගන්නවා. බය නැතුව වැඩපිළිවෙළක් තියෙන මිනිහා තමයි බාරගත්තේ. ජනතාව හොඳින් කාල ඇඳලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන, ව්‍යාපාරික ප්‍රජාව තමන්ගේ ව්‍යාපාර කටයුතු හොඳින් සිදුකරගෙන ඉන්නවා. බැංකු පොලිය අඩු වෙලා තියෙනවා. අපනයන වලට බාධා නැතිවෙලා තිබෙනවා. ඒ නිසා අපිට දිගටම මේ තත්ත්වය පවත්වාගෙන යන්න බැරි වෙයි කියලා ඔවුන්ට බයක් තියෙනවා. ඒ බය මහජනතාව අපට ප්‍රකාශ කරනවා. එනිසා තමයි රටේ දේශපාලන පක්ෂවලටත් යෝජනා කළේ ජනතාවටත් දැනුවත් කළේ මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යනවා නම් මෙන්න මේකයි ක්‍රමවේදය එහෙම නැත්නම් 2019 ගෙනාවා වගේ ජනාධිපතිවරයෙක් ගෙනල්ලා අමාරුවේ වැටෙන්න ඕනෙනම්, වෙනත් තීන්දුවකට යන්න පුළුවන්. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිනි තියන්න පුච්චන්න කතා කරලා නෑ.
මාධ්‍ය ආයතන වලින් මම ප්‍රකාශ කරපු දේ හරියට කිව්වේ නැහැනෙ. හැම දේශපාලකයාම දන්නෙ ඔය මාධ්‍යවලින් ළියට ගිය කෑල්ල විතරයි සමස්ත මාධ්‍ය සාකච්ඡාවම පෙන්නුවා නම් ඔවුන්ගේ අදහස වෙනස් වෙන්නට ඉඩ තියෙනවා. මම කළ සම්පූර්ණ ප්‍රකාශය තියෙනවා මම ඕන නම් ඒ ප්‍රකාශය ප්ලේ කරල පෙන්නන්නම්. මාධ්‍යවේදී විදිහට ඔබ පොරොන්දු වෙනවද ඒ සම්පූර්ණ ප්‍රකාශය මම ඉදිරිපත් කරොත් ඒක ජනතාවට සම්ප්‍රේෂණය කරනවා කියලා. එහෙම නැත්නම් ඔබ පිළිගන්නවද කලින් තිබුණු රට නෙමෙයි දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවායි කියලා. අගමැතිතුමා කිසිදු ආකාරයකට පිළි නොගැනීමක් සිදුකරලා නැහැ. මාධ්‍යවේදීයො රටේ ආර්ථිය කඩාවැටෙයිද? එහෙම වෙයිද කියලා ඇහුවේ නැහැ.
සාගර කාරියවසම් මැතිතුමත් ඔහුගෙන් මාධ්‍යවේදීවේදීන් අහපු ප්‍රශ්නයට තමයි පිළිතුරු දීලා තියෙන්නේ. අද රාත්‍රී මාධ්‍ය නාලිකාවල එදා මම කරපු ප්‍රකාශය පළ කරන්න බලන්න. මම අද සජීවී මාධ්‍යයට යනවා. මං එතනදි, ඒ මාධ්‍ය තුළදීවත් කෙනෙකුට දැනගන්න අවශ්‍ය විදිහට මම දාලා පෙන්නන්නම්. රටේ ජනතාව මේ ගැන කතා කරන්නේ නැහැ. මාධ්‍ය තමයි මේක සතියක් තිස්සේ දිගටම ඇදගෙන ආවේ. දේශපාලන පක්ෂ කතා කරා හැරෙන්න ඡන්ද දායකයෝ කවුරුත් මේ ගැන කතා කලාද නැහැ. මමත් දැක්කා උද්ඝෝෂණය කරන්න එනවයි කියලා මම මෙතෙන්ට එනතුරුත් කවුරුත් ඇවිල්ලා හිටියේ නැහැ. දැන් බොහෝ දේශපාලන කණ්ඩායම් මේ ප්‍රකාශයට ඡන්ද සිතියම් අකුරනවායි කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි කියලා. කිව්වා. කවුද හම්බන්තොට මේකට විරුද්ධව කතා කළේ ?මාතර කවුද කතා කළේ? ගාල්ලේ කවුද කතා කළේ? මහනුවර කවුද කතා කළේ ?නුවරඑළියේ යාපනේ කිසිවෙක් කතා කළේ නැහැ. මොන දිස්ත්‍රික්කයකද ජනතාව මේකට විරුද්ධ එළියට ආවේ කියලා මට කියන්න. රටේ මිනිස්සුන්ට මැතිවරණයක් මේ වෙලාවේ අවශ්‍ය නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය කරදරයක් නැතුව ඉදිරියට ගෙන යාම විතරයි. අවස්ථා දෙකකදි විතරයි ජනතාව විශේෂයෙන් රටේ බලය වෙනස් කරන්න කටයුතු කරල තියෙන්නෙ. එකක් තමයි, ඩඩ්ලි සේනානායක මැතිතුමා හාල් කිලෝ දෙක කැපුවට පස්සේ ඩඩ්ලි සේනානායකව ගෙදර යැව්වා. කන්න බොන්න නැති උනහම ඒ පීඩනයත් එක්ක ගෝඨාභය රාජපක්ෂව ගෙදර යැව්වා. ඔය අවස්ථා දෙකේදි පමණයි පාලකයන් එළවන්න ජනතාව විප්ලව කරලා තියෙන්නේ. මිනිස්සුන්ට අවශ්‍ය සහනදායිව වැදගත් විදිහට ජීවත් වෙන්නයි. ඒ නිසා මේ යන ක්‍රමවේදයට වෙනස් වුනොත් නැවතත් පැරණි තත්ත්වයට රට පත්වෙයි කියලා ජනතාවට බයක් තියෙනවා.
අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පාර්ලිමේන්තු කණ්ඩායමක් වජිර අබේවර්ධන මැතිතුමා ප්‍රමුඛව මේ සම්බන්ධව සාකච්ඡා කරන්න පත්කළා. සුරේජ් වඩිවේල් මැතිතුමා ,හරීන් ප්‍රනාන්දු මැතිතුමා, මනුෂ නානායක්කාර මැතිතුමා සහ රංජිත් රන්ජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමන්ගෙන් සමන්විත අපේ පාර්ලිමේන්තු කණ්ඩායම පත් කරන්නට අපි කටයුතු කළා. ඒ අයට එවැනි සාකච්ඡාවක් ආවොත් කටයුතු කරන්නට බලය තියෙනවා. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ පක්ෂ සාමාජිකත්වය අපි අත්හිටවලා තිබුණේ. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඊයේ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවපු එක ඉවත් කරලා, සාමාජිකත්වය ඉදිරියට පවත්වාගෙන යන්න ඉඩ දෙන්නත්, ඔහුට තියෙන විනය පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යන්නත් තීරණය කළා. හැම මිනිහම වැරදි කලයි කියලා හැම මිනිහම එල්ලලා මරන්නේ නැහැනේ.
සතියක් පුරාව දැවෙන ප්‍රශ්නයට දැන් මම උත්තර දීලා තිබෙනවා. වෙනත් විෂයන් සම්බන්ධ කාරණා තිබෙනවා නම් ඒක වෙනම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ප්‍රකාශ කරන්නම්. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා අපේ සාමාජිකයෙක් කියලා අධිකරණයේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපි ඔහුව පත් කරලා තියෙන්නේ. තවදුරටත් ඔහු සාමාජිකයෙක් වෙන නිසා අපි ඔහුව පත් කරලා තියෙනවා. අපේ සාමාජිකයන් අපි බලාගන්න අවශ්‍යයි. යැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පෙර පුවත

ජනපතිට තව වසර දෙකක් දෙන්න එජාපයෙන් යෝජනාවක්

Post Views: 12,559
Previous Post

තිලංග, සජිත් එක්වෙන්න සාකච්ඡා

Next Post

තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නේ.. පාක්ෂිකයින් දැන් ඒකරාශි වෙනවා – රවි කරුණානායක

editor ttvnews

editor ttvnews

Next Post
තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නේ.. පාක්ෂිකයින් දැන් ඒකරාශි වෙනවා – රවි කරුණානායක

තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නේ.. පාක්ෂිකයින් දැන් ඒකරාශි වෙනවා - රවි කරුණානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved