අමෙරිකානු ගුවන් හමුදාවේ හිටපු ප්‍රහාරක ගුවන් නියමුවෙකු සහ උසස් F-35 stealth යානා පිළිබඳ උපදේශකයෙකු ලෙස කටයුතු කළ 65 හැවිරිදි ජෙරල්ඩ් එඩී බ්‍රවුන් (Gerald Eddie Brown Jr.) චීන මහජන විමුක්ති හමුදාවට (PLAAF) පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අමෙරිකානු ආයුධ අපනයන පාලන පනත උල්ලංඝනය කරමින් අවසරයකින් තොරව චීන නියමුවන්ට සටන් උපක්‍රම පුහුණු කළ බවට චෝදනා එල්ල වී ඇත.
බ්‍රවුන් වසර දෙකකට වැඩි කාලයක් චීනයේ රැඳී සිටිමින් චීන නියමුවන්ට පුහුණුව ලබා දී ඇති බවට සාක්ෂි හමුවී ඇති අතර, අමෙරිකානු ආරක්ෂක තොරතුරු අන්සතු කිරීම හරහා ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල කළ බවට චෝදනා කර තිබේ.














