• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මඟ පෙන්වීමේ බලවත් භූමිකාවට පණ පොවන්න සුදානම් වන්න – ඇමැති විමල්

9 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පැවති අපිළිවෙළ වෙනස්කර, උපායමාර්ගික සැලසුමකට අනුව යමින් තමන්ට අදාළ නිශ්චිත කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මගපෙන්වීමේ බලවත් භූමිකාවට පණ පෙවීමට සූදානම් වන ලෙස, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 12කට අදාළව කර්මාන්ත අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද උපදේශක සභාවන්හි සභාපතිවරුන් හා සාමාජිකයන්ටය. ඒ, ඊයේ (08) එම පිරිසට පත්වීම් ලිපි ප්‍රදානය පිණිස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සව සභාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා”කෙනෙක් කල්පනා කරන්න පුළුවන්, ‘මේ උපදේශක සභා පිහිටුවීම මෙවැනි උත්සවයක් පවත්වා සිදු කරන්නේ කුමන හේතුවක් නිසාද?’ කියා. මීට ප්‍රථම අපි ‘මෝටර් රථ එකලස් කිරීම, මෝටර් රථ උපාංග ආශ්‍රිත කර්මාන්ත’ අංශයට අදාළ උපදේශක සභාවට පත්වීම් ලිපි ප්‍රදානය, අමාත්‍යාංශය තුළයි සිදු කළේ. නමුත් අපි පසුව කල්පනා කළා, මෙම උපදේශක සභා පිහිටුවීම මුළුමහත් රටම දැනගත යුතු දෙයක් හැටියට. ඔබව අමාත්‍යාංශයට කැඳවා මෙම ලිපිය භාරදී යවනවාට වඩා, මෙම උපදේශක සභා පිහිටුවීම කර්මාන්ත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන්ම සිදු කරන්නක් නිසා ඊට හිමි වටිනාකම ලබාදී සිදුකිරීමටයි අපි කල්පනා කළේ. ඒ නිසා අපි අද මේ උපදේශක සභා12ක සභාපතිවරුන් සහ සාමාජිකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ උත්සව සභාවක් සංවිධානය කර තිබෙනවා. 1990 කර්මාන්ත සංවර්ධන පනත හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පිහිටුවීමට අදාළ පනත අනුව කර්මාන්ත අමාත්‍යවරයාට බලය තිබෙනවා, මේ ආකාරයට කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා උපදේශක සභා පිහිටුවීමට. ඒ බලය එසේ තිබුණත් ඒ වන විට තිබූ උපදේශක සභාවලට වඩා වැඩි උපදේශක සභා ප්‍රමාණයක් පිහිටුවීම සිදුවිය යුත්තක් ලෙස අප දුටු නිසා තමයි වෙනම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ඒ සඳහා ලබා ගනිමින් උපදේශක සභා 20ක් පිහිටුවීමට කටයුතු කර ඇත්තේ.

මෙසේ උපදේශක සභා පිහිටුවීමට කර්මාන්ත අමාත්‍යවරයාට බලය තිබුණු නමුත් එය මේ ආකාරයට විධිමත්ව සිදු වන්නේ ප්‍රථම වතාවටයි. ඒ නිසා මම ඉතා ඕනෑකමින් ඔබට කියන්න ඕනේ ‘මේ උපදේශක සභා පිහිටුවන්නේ ඔබෙන් උපදේශන ලබා නොගෙන සිටීමට නොවෙයි’ කියා. යම් කර්මාන්ත ක්ෂේත්‍රයක නියැලී සිටින ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන්ගෙන්, ඊට අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයන්ගෙන් මෙන්ම අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැනි පර්යේෂකයන් ඇතුළු වෘත්තිකයන්ගෙන් සමන්විත උපදේශක සභාවක් අප පිහිටුවන්නේ ඔවුන්ගෙන් ඉටු කරවා ගත යුතු ජාතික වැදගත්කමින් යුත් කාර්යභාරය ඉටු කරවා ගැනීමටයි.

අප මේ උපදේශක සභා මගින් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වන පරමාර්ථයන් කුමක්ද? පළමුවැන්න තමයි අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වන උපායමාර්ගික සැලැස්මක් සකස් කරවා ගැනීම. වසර 10කින් එහෙම නැත්නම් ඊට අඩු හෝ වැඩි කාලයකින් අදාළ කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළට ඔසවා තබන්නේ කෙසේද, යන්න එමගින් පිළිබිඹු වේවි. එතැනින් නතර නොවී එම උපායමාර්ගික සැලැස්ම ක්‍රියාවට නගන්නේ කෙසේද, යන්න ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මකුත් අදාළ උපදේශක සභාවෙන් සකස් කරවා ගැනීම අපගේ දෙවන පරමාර්ථයයි. අපි, නිශ්චිත කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ උපායමාර්ගික සැලැස්මක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඒවාට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තාම ඊට පටහැනිව තීරණ ගැනීමේ නොහැකියාවක් රජයේ අනෙකුත් අංශවලට අනිවාර්ය ලෙස ඇති වෙනවා. ඉහත කී උපායමාර්ගික සැලැස්ම සහ ක්‍රියාකාරී සැලැස්ම සැකසීම පමණක් නොවෙයි, ඊට අනුකූලව ක්‍රියාදාමය සිදුවෙනවාද, යන්න පසුවිපරම් කරමින්, අඩුපාඩු නිවැරදි කරමින් ක්‍රියාදාමය ඉදිරියට මෙහෙයවීමේත් පූර්ණ කොටස්කරුවකු වන්නේ මෙම උපදේශක සභාවයි.

ඔබගේ ඒ බලවත් භූමිකාව අවධාරණය කිරීමටයි අප මෙවැනි අවස්ථාවක් සූදානම් කළේ. උපායමාර්ගික සැලැස්මක්, ක්‍රියාකාරී සැලැස්මක් කඩිනමින් සකසා ඒවාට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තාට පසු ඔබගේ කර්මාන්ත ක්ෂේත්‍රය ඉදිරියට ගෙනයාමට ඉලක්ක සහගතව කටයුතු කිරීමයි සිදුවිය යුත්තේ. රජයක් ලෙස ගන්නා ඇතැම් තීරණ යම් ක්ෂේත්‍රයක උන්නතියට බලපානවා වගේම, යම් තීරණ එම ක්ෂේත්‍රයේ කඩාවැටීමකට බලපෑ හැකියි. අවාසනාවට අපේ වගේ රටවල තිබෙන බලවත් ඌනතාව තමයි දීර්ඝකාලීනව බලපාන ප්‍රතිපත්තියක් මත පදනම් වූ මෙහෙයවීමක් නොමැතිකම. ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය සැකසීම දැන් අවසාන අදියරෙහි තමයි තිබෙන්නේ. මේ උපදේශක සභා පිහිටුවීම සිදුවන අතරේ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියත් මේ රටේ වලංගු ලේඛනයක් බවට පත් කිරීමට අපට හැකියාව ලැබෙනවා. එවිට කර්මාන්ත පිළිබද ජාතික ප්‍රතිපත්තියක්, එක් එක් කර්මාන්ත ක්ෂේත්‍රවලට අදාළ උපදේශක සභා 20ක් එම උපදේශක සභා විසින් අදාළ කර්මාන්ත ක්ෂේත්‍ර ප්‍රබල තත්ත්වයකට පත් කිරීම සඳහා සැකසූ උපායමාර්ගික සැලසුම්, ඒවා ක්‍රියාත්මක තත්වයට පත්කිරීමට අදාළ ක්‍රියාකාරී සැලසුම් යන සියල්ල ඉදිරියේදී අප සතු වෙනවා. අවසානයේ එම ක්‍රියාකාරී සැලසුම් රජය පිළිගත් සැලසුම් බවට පත්කොට ඒ මත පිහිටා කටයුතු කිරීමයි අපේ ඉලක්කය වන්නේ.

අපේ රටේ කර්මාන්තකරණය, විවෘත ආර්ථිකයට නිරාවරණය වන්නේ පරිණත තත්ත්වයකට පත්ව සිටි අවධියක නොවෙයි. ලෝකයේ බොහෝ රටවල් විවෘත ආර්ථිකයට නිරාවරණය වන විට ඒ රටවල කර්මාන්තකරණය පරිණත තත්වයකට පැමිණ තිබුණා. නමුත් ඒ සැඩ සුළඟ මැදින්, ඇතැම් විට රජයන් විසින් ලබාදිය යුතු සහයෝගයන් එලෙසම නොලැබෙද්දී, අවිධිමත්වත් වුවත් සෑහෙන දුරක් මේ රටේ කර්මාන්තකරුවා ඉදිරියට පැමිණ තිබෙනවා.ඒ අපිළිවෙළ වෙනස් කිරීමට සහ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයට නියම මඟ පෙන්වීම සිදු කිරීමට තමයි අපි මේ උපදේශක සභා පිහිටුවන්නේ. මෙය නීත්‍යනුකූල උපදේශක සභාවක්. නිශ්චිත කාල සීමාවක් තුළ රැස්වී අදාළ ඉලක්ක වෙත යාම සිදුවිය යුත්තක්. ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය පැත්තෙන් ලබාදිය යුතු සහයෝගය ඔබට නිරන්තරයෙන්ම ලැබේවි.

මේ වෙලාව විදේශ විනිමය අර්බුදයේ පීඩනය ඔබටත් දැරීමට සිදුව තිබෙන වෙලාවක්. එහෙම පීඩනයක් තුළ වුවත් ලෝකයේ නව වෙළෙඳපොළ අවකාශයන් මේ වෙලාවේ ඔබ වෙනුවෙන් විවරව පවතිනවා. ඒ අනුව හොඳ සහ නරක අභියෝග ඔබ ඉදිරිපිට මේ වන විට නිර්මාණය වී තිබෙනවා. කර්මාන්තකරුවන් ලෙස මීට පෙර පැමිණි අභියෝග ඔබ ඉතා කැපවීමෙන් ජය ගත්තා වගේ වත්මන් අභියෝග ජය ගැනීමට ඔබට හැකියාව ඇති බවට වන විශ්වාසය අප තුළ තිබෙනවා. සැලසුම් සකසා, ඒවා පසුවිපරම් කරමින් පැමිණීම පමණක් නොවෙයි, අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ ජාත්‍යන්තර ප්‍රදර්ශන සංවිධානය කිරීම ඇතුළු වගකීම් රැසක් ද මෙම උපදේශක සභාවලට පැවරෙනවා. අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක සභාව විරුද්ධ වන තීන්දුවක් අප කර්මාන්ත අමාත්‍යාංශය හැටියට ගන්නේ නැහැ. එකී උපදේශක සභාව එකඟ වන සහ ඉදිරිපත් කරන තීන්දුවලට තමයි අප කර්මාන්ත අමාත්‍යාංශය හැටියට යන්නේ. කාලරාමුවක් සහිතව, ඉලක්ක සපුරා ගැනීම සඳහා අදාළ සියලු ක්ෂේත්‍ර සඳහා අද දින පත්වන සභාපතිවරුන් සහ සාමාජිකයන් කටයුතු කරනු ඇතැයි අප බලවත්ව විශ්වාස කරනවා.”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා ඇතුළු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු එක්ව සිටියහ.

 

Post Views: 4
Previous Post

මහනුවර පන්විල, වටකැලේට අක්කර 03 ක පළතුරු වත්තක්

Next Post

ලංකා ධීවර සංස්ථාව සහ Uber EATS එක්වී ‘ඔන්ලයින් ඩිලිවරි’ සේවාවක් හඳුන්වා දෙයි

editor

editor

Next Post

ලංකා ධීවර සංස්ථාව සහ Uber EATS එක්වී ‘ඔන්ලයින් ඩිලිවරි’ සේවාවක් හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved