ගිරාඳුරුකෝට්ටේ, විරාණගම නවය කනුව ප්‍රදේශයේදී අද (23) උදෑසන සිදුවූ වන අලි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ වන්නකුවත්ත වඩුගේ ආශ්චර්යා මිහිරාණි නමැති තරුණියකි. ඇය පෞද්ගලික ඇඟලුම් ආයතනයක රැකියාවට යාම සඳහා මාර්ගය අයිනේ බස් රථයක් එනතුරු රැඳී සිටියදී මෙම අනපේක්ෂිත ප්‍රහාරයට ලක්ව ඇත. බරපතල තුවාල ලැබූ ඇය ප්‍රදේශවාසීන් විසින් වහාම මහියංගන රෝහලට ඇතුළත් කළ ද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.














