ගිරාඳුරුකෝට්ටේ, විරාණගම නවය කනුව අසල ප්‍රදේශයේදී අද (23) උදෑසන සිදුවූ වන අලි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වන්නකුවත්ත වඩුගේ ආශ්චර්යා මිහිරාණි නමැති තරුණියකි.
ඇය පෞද්ගලික ඇඟලුම් ආයතනයක රැකියාව සඳහා යාමට බස් රථයක් එනතුරු මාර්ගය අයිනේ රැඳී සිටියදී මෙම අනපේක්ෂිත වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි ඇය ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් මහියංගන රෝහලට ඇතුළත් කළ ද, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.















