ර් මිලියන ගණනක් වැය කරමින් පාරිභෝගිකයන් සඳහා ඉන්ධන සහනාධාර ලබා දීමට කටයුතු කරයි.
දකුණු කොරියාව සහ ජපානය: දකුණු කොරියාව වසර 30කට පසු ප්‍රථම වතාවට දේශීය ඉන්ධන මිල සඳහා උපරිම සීමාවක් (Price cap) පනවා ඇත. ජපානය සිය හදිසි තෙල් සංචිතයෙන් බැරල් මිලියන 80ක් වෙළඳපොළට මුදා හැරීමට තීරණය කර ඇති අතර එය දින 45ක සැපයුමකට සමාන වේ.
බංග්ලාදේශය සහ මියන්මාරය: බංග්ලාදේශය ඉන්ධන පාලනය (Rationing) ආරම්භ කර ඇති අතර තෙල් ගබඩා අසල ආරක්ෂාව සඳහා හමුදාව යොදවා තිබේ. මියන්මාරය සිය පෞද්ගලික වාහනවලින් අඩක් මාර්ගවලින් ඉවත් කර ඇති අතර වාහන අංක තහඩුවේ ඉරට්ටේ සහ ඔත්තේ අංක අනුව දින මාරු කරමින් ධාවනය කිරීමට නියම කර ඇත.
මෙම තත්ත්වය හමුවේ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ආහාර පිසින ගෑස් හිඟයක් පිළිබඳ බිය නිසා ආපනශාලා මෙනු පත් පවා සීමා වී ඇති බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තෙල් මිල පාලනය කිරීමට උත්සාහ කළ ද, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත වන තෙක් මෙම බලශක්ති අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි විද්‍යාඥයෝ සහ ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.














