මෑතකදී ඇතිවූ ඇමරිකා ඉරාන ගැටුම් සහ තෙල් මිල ඉහළ යාම හමුවේ ලොව පුරා පාරිභෝගිකයන් නැවතත් විද්‍යුත් මෝටර් රථ (Electric Vehicles) කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් සිටින බව රොයිටර් බ්‍රේකින්විව්ස් (Reuters Breakingviews) වාර්තා කරයි. විශේෂයෙන්ම චීනයේ BYD සහ Geely වැනි සමාගම් නිෂ්පාදනය කරන විද්‍යුත් රථ සඳහා පවතින ඉල්ලුම 2026 වසරේදී නව වාර්තාවන් කරා ළඟා වනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තෙල් සැපයුම අඩාල වීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් යුරෝපයේ සහ ආසියාවේ බොහෝ රටවල් සිය බලශක්ති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කරමින් සිටී. උදාහරණයක් ලෙස ප්‍රංශයේ ටෙස්ලා (Tesla) රථ ලියාපදිංචිය මාර්තු මාසයේදී තෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර බ්‍රිතාන්‍යයේ ද විද්‍යුත් රථ අලෙවිය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. තෙල් මිල පහත වැටුණද, බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ ඇතිවූ බිය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන තේරීම විද්‍යුත් රථ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














