ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය වෙත ලබාදී ඇති අඟහරුවාදා අවසන් කාලසීමාව (Deadline) එළඹීමත් සමඟ අද (07) ගෝලීය කොටස් වෙළඳපොළ දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති අතර බොරතෙල් මිල බැරලයකට ඩොලර් 110 සීමාව ඉක්මවා ගොස් තිබේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය එකඟ නොවන්නේ නම් එරට සිවිල් යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් කර ඇති තර්ජනය නිසා ආයෝජකයන් සිය කටයුතුවලින් බැහැරව බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි ඉරානය තාවකාලික සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කර ඇති අතර යුද්ධය ස්ථිරවම නැවැත්විය යුතු බව අවධාරණය කරයි
පෙබරවාරි අග සිට ඇරඹුණු ඉරාන-ඇමෙරිකානු යුද්ධය හේතුවෙන් ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාම ගෝලීය උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත අද දිනය අවසන් වීමට පෙර කිසියම් එකඟතාවයකට නොපැමිණෙන්නේ නම් මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති සිනොපෙක් (Sinopec) සමාගම අද සිට මෙරට සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළ නැංවීම වැනි තීරණ හරහා මෙම ගෝලීය බලපෑම ශ්‍රී ලංකාවට ද සෘජුවම දැනෙමින් පවතී
මේ අතර ජපානයේ ටෝකියෝ කොටස් වෙළඳපොළ ඇතුළු ආසියානු වෙළඳපොළවල් රැසක කොටස් මිල ගණන් පහත වැටී ඇති අතර ඇමෙරිකානු ඩොලරය සිය ශක්තිමත්භාවය තවදුරටත් රඳවා ගෙන තිබේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලින් ගාස්තු අය කිරීමට තමන් බලාපොරොත්තු වන බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය ද ජාත්‍යන්තර වෙළඳාමට බලපෑම් එල්ල කර ඇත ඉදිරි පැය කිහිපය තුළ ඉරානය ගන්නා තීරණය මත ලෝක ආර්ථිකයේ සහ බලශක්ති සැපයුමේ අනාගතය තීරණය වනු ඇතැයි විද්‍යාඥයෝ සහ විශ්ලේෂකයෝ පෙන්වා දෙති














