ශ්‍රී ලංකා වේලාවෙන් අද (අප්‍රේල් 1) මධ්‍යහ්නය වන විට ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්වල සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මිණුම්දණ්ඩක් බඳු බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකි වූ අතර WTI (West Texas Intermediate) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 98 මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණයන් හමුවේ වුවද ඉල්ලුම සහ සැපයුම උච්චාවචනය වීම මෙම මිල පහත වැටීමට හේතුවී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයෝ පවසන්නේ.














