මැදපෙරදිග ඇතිව තිබෙන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 8%කින් ඉහළ ගොස් ඩොලර් 72.40ක් ලෙසත්, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 9%කින් ඉහළ ගොස් ඩොලර් 79.38ක් ලෙසත් අද (02) පෙරවරුවේ සටහන් විය.
පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වුවහොත්, බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව දක්වා ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවයි.















