සති අන්තයේ මැදපෙරදිග කලාපයේ ඇති වූ දැඩි යුදමය නොසන්සුන්තාවය හමුවේ අද (සඳුදා) වෙළඳපොළ ආරම්භවත්ම ගෝලීය බලශක්ති මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව සී.එන්.එන් (CNN) පුවත් සේවය වාර්තා කරයි. බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල 10% කින් සහ ඩබ්ලිව්.ටී.අයි (WTI) තෙල් මිල 8% කින් ඉහළ ගොස් ඇති අතර, යුරෝපීය ගෑස් මිල 23% ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරයි. ඉරානය සහ ඒ අවට කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය අත්හිටුවීම මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ. විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් වී නෞකා ගමනාගමනය යථා තත්ත්වයට පත්වන තෙක් මෙම ඉහළ මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති බවයි. මේ අතර, ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙම යුද්ධය අවසන් වීමට තවත් සති හතරක පමණ කාලයක් ගතවනු ඇති බවයි.














