ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති අතර එය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 109 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 7.78 ක සැලකිය යුතු වැඩි වීමකි මීට අමතරව ඩබ්ලිව් ටී අයි (WTI) වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 111.5 ක් ලෙස සටහන් වූ අතර එය සියයට 11.41 ක දැවැන්ත ඉහළ යාමක් ලෙස වාර්තා වේ
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ සැපයුම් මාර්ග අවහිර වීම මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අස්ථාවර තත්ත්වය නිසා තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීම ගෝලීය ඉන්ධන වෙළෙඳපොළ තුළ දැඩි නොසන්සුන්තාවයක් ඇති කර තිබේ මෙම තත්ත්වය හමුවේ ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ

















