• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරනවා – ඇමැති මහින්ද

22 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

 

නුදුරේදීම ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ සුහුරු කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ගලෙන්බිඳුණුවැව කොකාවැව හා කිව්ලේකඩ ගම්මානයේ බී ළූණු ගොවීන් වෙත බින්දු ජල සැපයුම් ක්‍රමය සඳහා අවශ්‍යය කෘෂි උපකරණ බෙදා දීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

හිටපු කෘෂිකර්ම අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව මෙම භාණ්ඩ බෙදා දීම සිදු කෙරිණි. අනතුරුව අමාත්‍යයතුමන් එම ප්‍රදේශයේ බී ළූණු වගා බිම් කීපයක්ද නිරීක්ෂණය කළහ.

එහිදී ගොවීන් අමාත්‍යවරයා සමඟ සාකච්ජාවක් පැවැත් වූ අතර, එහිදී ගොවීන් කියා සිටියේ,

අපිට ලොකු ගැටලු කීපයක් තියෙනවා, ලොකු ළූණූ වගාව 98% ක්ම ඉවරයි මේ වන විට, ඒකට හේතුව මේ සැරේ අවශ්‍යය කරන පොහොර සහ යෙදවුම් ටික නැති නිසා, ඉන්දියාවෙන් ආව බෙහෙත් වගයක් තියෙනවා, පාන් පිටි කළවම් කරලා,ඒවා යොදවන කොට දිලීර වැඩියි.ඒ නිසා මේ වන විට ළූණූ වගාව නැත්තටම නැති වෙලා තියෙනවා.කිව්ලේකඩ, කොකාවැව කියන අපේ වසමේ පවුල් 667 ක් තියෙනවා.‌ගොවි පවුල් වල සාමාජිකයෝ ගත්තොත් තුන්දහසකට එහා ඉන්නවා.එදා ඉඳලා කෘෂිකර්මාන්තයේ තමයි නියැලෙන්නේ,මේ කටයුතු කරගෙන යද්දී පොහොර සහනාධාරය නොමැතිකම නිසා කෘෂිකර්මාන්තය අන්ත අසරණ තත්වයට පත් වෙනවා, අපිට කර කියාගන්න දෙයක් නැතිව ඉන්නේ දැන්.

ජනාධිපතිතුමා පත් වෙන්න ගිය අවස්ථාවේ ඇමතිවරුන් ඉල්ලා අස්වෙද්දී අපිට මතකයි ඔබතුමා ප්‍රකාශයක් කළා, පොහොර නැව භාර ගෙන තමයි ඔබතුමා ඇමතිකමින් අයින් වෙන්නේ කියලා. අපි ඒ වෙලාවේ සතුටු වුණා, අපිට මාස් කන්නයවත් කර ගන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුව අපි ඇති කර ගෙන තියෙනවා.ඔබතුමා මේ ගමට ගෙන්වපු එක ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.ඇත්තටම අපේ ගමට එන්නම ඔ්න කෙනා කෘෂිකර්ම ඇමතිතුමා, ජනාධිපතිතුමා අගමැතිතුමා ආවත් වැඩක් නෑ, ඔබතුමායි අවශ්‍යය.ඊයේ- පෙරේදා ඉඳන් වල් අලින්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ.ඔබතුමන්ලා කියනවා මඤ්ඤොක්කා හදන්න, අල – බතල හදන්න කියලා.අලි කීපදෙනෙක් ඇවිත් ඉන්නවා වනජීවී එකට කිව්වම කියනවා ප්‍රථිපාදන නෑ කියනවා එන්න.අලි වෙඩිල්ලක් ගන්න තැනක් නෑ,ඒ නිසා අලි එලවාගන්න ක්‍රමයක් නෑ, පොලීසියට කියලා වෙඩි තියන්නද? නෑනේ එතකොට අලි එලවාගන්න ක්‍රමයක් නෑ, අලි ගම්වදිනවා හවස 06 -07 වෙනකොට, වත්තක මඤ්ඤොක්කා ගහක් තියන්නේ නෑ,ඒ තර්ජන උපරිමෙන් තියෙනවා.කියනවා නම් කියන්න ඔබතුමාට ලොකු දේවල් ගොඩක් තියෙනවා අපිට.ඔබතුමන් තමයි මේ විෂයපථ තුනේම ඉන්නේ, ඔබතුමා අද ඇවිල්ලා අපේ මේ දුක හඳුනාගෙන ගිහින් කඩිනමින් විසඳුමක් දෙන්න පුලුවන් එකම කෙනා.ඔබතුමන් මනුස්සයෝ අතර ඉන්න කෙනෙක්, ඔබතුමන්ට හූ කියන්න, ගෙදර යන්න කියන්න කෙනෙක් නෑ,එහෙම කියනවා නම් ඒ මානසික රෝගීන් වෙන්න ඔ්න, ඔබතුමන් පසුගිය රජයන් වල ඉද්දීත් භාර ගත්ත ඇමතිකම් වල ඔබතුමන් හොඳට වැඩ කළා.ඒ වගේම ගොවියන්ට හේන් ඉඩම් වල මායිම් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා.මේවාට කඩිනම් විසඳුමක් ලබා දෙන්න.කන්නකට ළූණු කිලෝ 25000 -30000 කරන ගොවියෝ ඉන්නවා අක්කර ගණන් වල වගා කරලා.අපිට ළූණූ වගාවට අවශ්‍යය රසායනික ද්‍රව්‍යය වල ප්‍රමිතියක් නෑ දැන්,ඒ ගැන භයක් නැතිව කියන්න පුලුවන්.හැබැයි ඒ ප්‍රමිතිය අපිට හදන්න බෑ, වගාවේ රෝග වලට අවශ්‍යය බෙහෙත් අපි දැන ගෙන ගැහුවට කිසිම ප්‍රගතියක් නෑ යැයිද පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා,

වගාව අත්හැරලා දාන්න ඉන්න බී ළූණු වගාව ආපහු පටන් ගන්න, ඒකට මොනවා හරි අධාර ක්‍රමයක් හදලා දෙන්නම්. බොහෝම පොඩ්ඩයි බී ළූණූ දඹුල්ල පැත්තේ හැදෙන්නේ.අනිත් ඔක්කොම රටින් ගේන්නේ, හැම වෙලාවේම රටින් ගේන එක නවත්තලා, අ‌පේ දේවල් රට යවන එක ගැනයි වැඩියෙන්ම අපි ප්‍රමුඛතාව දෙන්න ඔ්න, දැන් මිරිස් වගාව, බඩ ඉරඟු වගාව හොඳට කරනවා.අපි වී වල අස්වැන්න වැඩි කර ගත යුතුයි, බඩ ඉරඟු, මිරිස් හා බී ළූණූ, අර්තාපල් වගාව සාර්ථක කර ගත යුතුයි.මම කියන්නේ නෑ එළවලු වවන්න එපා කියලා, නමුත් ඒවා කොහොම හරි ගෙවල් වල හදාගෙන මිනිස්සු කාවී, ඒවා නරක දෙයක් නෙමෙයි.කරන්න පුලුවන් අය කරන්න.ප්‍රමුඛතාවයක් දෙන්න ළූණූ වලට.

අපි අවශ්‍යය ආහාර ටික හදාගත්තට පස්සේ හොඳම ගුණදායක දේවල් හදා ගමු,අපි දැන් පොහොර, තෙල් ඔක්කොම තහනම් කරානේ, හැබැයි දැන් ඉන්දියාවෙන් ගෙනත් කන හාල් වල මොකක්ද තත්වය.අනෙක් රටවල් වලින් ගෙනත් කන හාල් වල, මිරිස් වල ලංකාවේ තහනම් කරපු ඔක්කොම රසායනික ද්‍රව්‍ය ගහනවා.ලංකාවට වැඩිය බාල පොහොර තමයි හැම රටකම වගේ පාවිච්චි කරන්නේ.අපි ඒවා කනවානේ, ඉස්සරලා අපිට අවශ්‍යය ටික හදාගෙන පස්සේ ප්‍රමිතියට හදා ගමු.ඒ නිසා වැඩි දවසක් යන්න ඉස්සරලා ග්ලයිෆොසෙට් තහනමයි, ඔය කියන රවුන්ඩ්අප් කියන නම් වලින් එන්නේ එකම ටිකනේ, ඒ ටිකේ තහනම අපි අයින් කරලා දීලා කට්ටියට ගෙන්වන්න දෙනවා.ඒක පාලනයකින් තමයි පාවිච්චි කරන්න දෙන්නේ.ඊළඟට ප්‍රමිතිය සහ මිළ ගැනත් ගැටලුවක් තියෙනවා මේවායේ.අපි දැන් ලෑස්ති කරලා තියෙනවා ගොවිජන සේවා මධ්‍යස්ථාන වල රසායනික ද්‍රව්‍ය අලෙවිකරන්න ඒජන්සිය අරන් දෙනවා.පලමුවැනි පාර අපිට කෙලින්ම රටින් ගේන්න බෑ, නමුත් ග්ලයිෆොසෙට් ව‌ගේ දේවල් ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් විතරක් ගන්න පුලුවන් වෙයි, කඩවල නැති වෙයි.බොහෝ දුරට සීමාවක් තියෙන්න ඔ්න නිසා.මේ දෙනවාට වඩා වට්ටමක් ගොවියාට අපිට දෙන්න පුලුවන් වෙයි.25% ක වට්ටමක් ලැබුණොත් 5% ක් ගොවි සංවිධාන වල වියදමට තියාගෙන 20% ක වට්ටමක් ගොවියාට දෙන්න පුලුවන් වෙයි කියලා අපි හිතනවා.ප්‍රමිතියෙන් ඉහළ කෘෂි රසායන සාධාරණ මිලකට ඒ හරහා දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ දවස් වල පරණ තෙල් ලේබල් ගහ ගහ වෙනස් කර කර දෙනවා.ඒ ක්‍රමය අපි නතර කරන්නම්. පොහොර ටිකත් අපි බඩඉරඟු වලට දෙනවා.ඔය මිලත් එන මාස් කන්නය වෙද්දී අඩු වෙනවා.ඒ අයට සල්ලි වගයක් ගෙව්වේ නැති ප්‍රශ්න, ඩෙලර් එකත් වේගයෙන් ගියානේ, ඩොලර් එක 450ට ගණන් හදලා තිබ්බේ.ජාත්‍යන්තර වෙළඳපොලේ වැඩිවීම් තියෙනවා.බන්ඩි පොහොර , යූරියා අපි දෙනවා, මඩ පොහොර වල ප්‍රශ්නයක් තියෙනවා, ඒවා ගන්න රටක් නෑ.ඒකත් අපි‌ හොයාගෙන යනවා.අපි බී ළූණූ වලට වැඩි අවධානයක් යොමු කරමු.

ඒ වගේම ගොවිතැනට අවශ්‍යය ඉන්ධන ටික, පොහොර ටික ඇතුළු යෙදවුම් සහන මිලට දෙන්න කියලා වගේ, අස්වැන්නට හොඳ මිලක්නේ ඉල්ලන්නේ ඒ ටික අපි හදලා දෙන්නම්. අස්වැන්න ලැබෙන කාලෙට රටින් ගෙන්වන එක නවත්වන්නම්, අලි ප්‍රශ්නයට අලි වැට ගහන්න අවශ්‍යය බඩු අපි දෙන්නම් යැයිද පැවසීය.

මෙම අවස්ථාවට සුහුරු වාරී ව්‍යාපෘතියේ නිළධාරීන්, ගොවි ගෙවිලියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අනතුරුව කෘෂිකර්ම අමාත්‍යවරයා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ සාර්ථකව පවත්වාගෙන යන හල්මිල්ලෑව කෘෂි ගොවිපලෙහිද නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එම ගොවිපලෙහි නයි මිරිස්, මිරිස්, ටී.ජේ.සී අඹ වගාව, සත්ව පාලනය ඇතුළු සාර්ථක කෘෂිකාර්මික කටයුතු අමාත්‍යයතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 5
Previous Post

විදුලි බිල වැඩි කිරීමට එරෙහි අරගලයක් අරඹනවා – විපක්ෂනායක

Next Post

මාතලේ හෝටල් පාසලේ පාඨමාලා රැසක්

editor

editor

Next Post

මාතලේ හෝටල් පාසලේ පාඨමාලා රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved