රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කරන ලද පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (11) උදෑසනින් අවසන් කර තිබේ. රෝහල් කටයුතු යළි සාමාන්‍ය තත්ත්වයට පත්වන බව එම සංගමය සඳහන් කරයි.
ගනු ලබන ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රතිචාර මත ඔවුන්ගේ මීළඟ පියවර තීරණය වනු ඇත.














