වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියට සිදුවන අනීතික දේශපාලන මැදිහත්වීම්වලට විරෝධය පළ කරමින් හෙට (02) උදෑසන 08.00 සිට යළිත් වරක් දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ.
ඊයේ (31) ක්‍රියාත්මක කළ එක්දින වර්ජනය අද උදෑසන අවසන් වුවද, ඉදිරිපත් කළ ගැටලුවලට බලධාරීන්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද පස්වරුවේ රැස් වූ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. දේශපාලන මැදිහත්වීම් මත සිදුකරන අත්තනෝමතික මාරුවීම්වලට එරෙහිව වෛද්‍යවරුන් මෙලෙස සිය විරෝධය පළ කරන අතර හෙට දිනයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ට මෙයින් යම් බලපෑමක් එල්ල විය හැකි බව වාර්තා වේ.














