ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කරන ලද පැය 24ක සංකේත වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක දෛනික කටයුතුවලට දැඩි බාධා මතුව තිබේ.
වෛද්‍යවරුන් සේවයෙන් බැහැරව සිටීම හේතුවෙන් බාහිර රෝගී අංශවල (OPD) ප්‍රතිකාර ලබා ගැනීමට සහ සායන සඳහා රෝහල් වෙත පැමිණි රෝගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. විශේෂයෙන්ම දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණි රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව ආපසු හැරී යාමට සිදුව ඇති බව විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ.
කෙසේ වෙතත්, රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක (ETU), දැඩි සත්කාර ඒකක (ICU), මෙන්ම මාතෘ සහ පිළිකා රෝහල්වල අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් කටයුතු කර ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.













