• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝනපල ඔලබොඩුව ඇළක මත්ස්‍යයින් විශාල ලෙස මියයෑමේ දැඩි අවදානමක්

3 April 2026
in දේශීය, පුවත්
ගෝනපල ඔලබොඩුව ඇළක  මත්ස්‍යයින් විශාල ලෙස  මියයෑමේ දැඩි අවදානමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගෝනපල, ඔලබොඩුව රෝස් ගාර්ඩන් පාරේ ප්‍රධාන පාලම හරහා ගලා යන ඇළ මාර්ගයේ මත්ස්‍යයින් ඇතුළු ජල ජීවීන් විශාල වශයෙන් මිය යමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. සති කිහිපයක සිට පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් ප්‍රදේශය පුරා දරාගත නොහැකි දැඩි දුර්ගන්ධයක් පැතිර යන අතර, නිවෙස්වල පවා රැඳී සිටීමට නොහැකි තරමට ජන ජීවිතය දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.
විශේෂයෙන්ම මියගිය මත්ස්‍යයන් ආහාරයට ගත් සුනඛයන් සහ කබරයන් වැනි සතුන්ද මිය ගොස් සිටිනු දැකගත හැකි අතර, කපුටන් සහ උකුස්සන් වැනි පක්ෂීන් මෙම මසුන් ඩැහැගෙන ගොස් මිදුල් සහ වහලවල් මතට දැමීම නිසා තත්ත්වය තවත් බරපතළ වී තිබෙනවා. ඇළ මාර්ගයේ ඉහළ ප්‍රදේශයක පවත්වාගෙන යන වැලි තොටුපොළක පිටතින් ගෙන එන පස් සේදීමෙන් පසු බැහැර කරන අපජලය මෙම විනාශයට හේතුව බවයි ගම්වැසියන් චෝදනා කරන්නේ.
තමන් මේ පිළිබඳව පරිසර අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකටම පැමිණිලි කළද මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවත්, ඇළ පතුලේ මඩ තට්ටු තැන්පත් වීම නිසා ඉදිරියේදී වගා කටයුතුවලට පවා බාධා එල්ල වන බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. එමෙන්ම මෙම අපිරිසිදු ජලය බොල්ගොඩ ගඟට ගලා බසින බැවින් මෙය තවත් විශාල පිරිසකට බලපාන පොදු ගැටලුවක් බවද ඔවුන් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.එස්. සජීවනා මහත්මිය ප්‍රකාශ කළේ අදාළ වැලි තොටුපොළ මධ්‍යම පරිසර අධිකාරියෙන් නිසි බලපත්‍රයක් ලබාගෙන නොමැති බවයි. ඒ අනුව එහි කටයුතු තාවකාලිකව නතර කරන ලෙසට දැනුම් දී ඇති අතර, මත්ස්‍යයන් මියයෑමට සෘජුවම බලපෑවේ මෙම අපජලයද යන්න තවමත් තාක්ෂණිකව තහවුරු වී නොමැති බවත්, ඒ පිළිබඳව කෘෂිකර්ම නිලධාරීන් විසින් මේ වන විටත් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
Post Views: 1
Previous Post

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා පුද්ගලයින් 512ක් අත්අඩංගුවට

Next Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන සිට නැවතත් වර්ජනයක

Editor TTV News

Editor TTV News

Next Post
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය හෙට උදෑසන සිට  නැවතත් වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන සිට නැවතත් වර්ජනයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුපියල් 4,000ක අල්ලසක් ගත් අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

3 April 2026
රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved