ගූගල් සමාගම සිය අනාගත කෘතිම බුද්ධි (AI) යටිතල පහසුකම් සඳහා අවශ්‍ය වන විශේෂිත චිප්ස් සහ අනෙකුත් උපාංග නිෂ්පාදනය කිරීම සඳහා බ්‍රෝඩ්කොම් (Broadcom) සමාගම සමඟ 2031 වසර දක්වා බලපැවැත්වෙන දිගුකාලීන ගිවිසුමකට එළඹ තිබේ එන්විඩියා (Nvidia) සමාගම සතු අධික මිලෙන් යුත් චිප්ස් සඳහා විකල්පයක් ලෙස ගූගල් සමාගම සිය ටෙන්සර් ප්‍රොසෙසින් යුනිට්ස් (TPU) තාක්ෂණය දියුණු කිරීමට මෙලෙස පියවර ගෙන ඇත මෙම පුවතත් සමඟ බ්‍රෝඩ්කොම් සමාගමේ කොටස් මිල 3% කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ
මීට අමතරව ඇන්ත්‍රොපික් (Anthropic) නමැති කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ නැගී එන සමාගම සමඟ ද බ්‍රෝඩ්කොම් සහ ගූගල් නව එකඟතාවයකට පැමිණ ඇත ඒ අනුව 2027 වසරේ සිට ගූගල් සමාගමේ AI ප්‍රොසෙසර හරහා ක්‍රියාත්මක වන ගිගාවොට් 3.5 ක දැවැන්ත පරිගණක ධාරිතාවක් ඇන්ත්‍රොපික් සමාගම වෙත ලබාදීමට නියමිතය ඇන්ත්‍රොපික් සමාගම පවසන්නේ තමන් පවත්වාගෙන යන ක්ලෝඩ් (Claude) නමැති AI මාදිලිය සඳහා පවතින ඉල්ලුම 2026 වසරේදී සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි
මැදපෙරදිග පවතින ඉරාන-ඇමෙරිකානු යුදමය වාතාවරණය සහ ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද කෘතිම බුද්ධි ක්ෂේත්‍රය සඳහා කෙරෙන ආයෝජන කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගලා යන බව මෙම ගිවිසුම් මඟින් මනාව පැහැදිලි වේ විශේෂයෙන්ම ඇමෙරිකාව තුළ පරිගණක යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ඩොලර් බිලියන 50 ක ආයෝජනයක් සිදු කිරීමට ඇන්ත්‍රොපික් සමාගම ප්‍රතිඥා දී ඇත අනාගතයේදී කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ආධිපත්‍යය ලබා ගැනීම සඳහා ලෝකයේ ප්‍රධාන තාක්ෂණික සමාගම් මෙලෙස දැඩි තරඟයක නිරත වෙමින් සිටියි













