හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ. විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි ඒ මහතා, පැය දෙක හමාරකට අධික කාලයක් කොමිසම හමුවේ රැඳී සිටීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. මූල්‍ය අක්‍රමිකතාවක් හෝ දූෂණ චෝදනාවකට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට සහාය වීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව පැවසේ.














