• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොතටුව නව තෙත් බිම් උද්‍යානයේ සංවර්ධන කටයුතු ඇරඹේ

19 May 2024
in දේශීය, පුවත්, සංවර්ධන
ගොතටුව නව තෙත් බිම් උද්‍යානයේ සංවර්ධන කටයුතු ඇරඹේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ගොතටුව නව තෙත් බිම් උද්‍යානයේ සංවර්ධන කටයුතු ඇරඹා ඇති අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ හදුනාගත් තෙත් බිම් සංවර්ධනය කිරීම වැඩසටහන යටතේ ගොතටුව තෙත් බිමද සංවර්ධනය කිරීමට අවදානය යොමුව ඇති බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

මේ වන විට දියසරු, බැද්දගාන, කෝට්ටේ කොටු බැම්ම යන නාගරික තෙත් බිම් සංවර්ධනය කර මහජනයා වෙත විවෘතව පවතී.

පරිසර සමතුලිතතාවය පවත්වාගෙන යෑම, කාර්යබහුල නගරයක් තුළ මහජනතාවගේ මානසික සුවතාවය පවත්වාගෙන යාම, ගංවතුර අවස්ථාවන් වලදී ජලය රදවා තබාගැනීම ආදී වටිනාකම් හදුනාගනිමින් තෙත් බිම් අනවසරයෙන් අල්ලා ගැනීම වළක්වාලමින් ගොතටුව තෙත් බිම් උද්‍යානය ඉදිකරයි.

අනවසර අල්ලා ගැනීම් හේතුකොට ගෙන දිනෙන් දින ක්ෂය වෙමින් පවතින “ මහ කොළඹ ගංවතුර පාලන ව්‍යාපෘතිය යටතේ ජල රැදවුම් ප්‍රදේශ ලෙස රජයට අත්පත් කරගන්නා ලද පහත් ඉඩම් ” ආරක්ෂා කරගැනීම සහ තෙත් බිම් නැණවත් පරිහරණය තුළින් ඒවායෙහි තිරසාර බව තහවුරු කිරීම යන අරමුණු සහිතව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 180 කි.

මෙම වසර අවසානය වන විට උද්‍යානයේ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිතය.

හෙක්ටයාර 35 ක් පුරා විහිදුණු මෙම තෙත් බිම වටා ඇති කිලෝමීටර් 4 ක දිග ප්‍රමාණයෙන් කිලෝමීටර් 3.5 ක දිග ප්‍රමාණයක් ඔස්සේ මේ වන විට ඇවිදින මංතීරුව ඉදිකොට ඇත. ගොතටුව නව තෙත් බිම් උද්‍යානය මඟින් සමනල උයන් හා කුරුළු උයන්, පාපැදි මංතීරු, අවන්හල්, වනජීවි මධ්‍යස්ථානයක්, උයන් මැදින් ඇවිද යාමේ පාලම් මෙන් ම කදවුරු බැදීමේ අත්දැකීම් ද දෙස් විදෙස් සංචාරකයන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු පුද්ගලික අංශයේ ද සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තෙත් බිම් ආරක්ෂා කරගැනීම සදහා පියවර ගැනීමට මහජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය හදුනාගනිමින් මෙම පරිශ්‍රය තුළ තෙත් බිම් පිළිබදව අධ්‍යනය ලබා දීම සඳහා විශේෂ අධ්‍යන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට ද කටයුතු සූදානම් කර ඇත. ඒ හරහා පාසල් ළමුන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඇතුළු සියලු මහජනතාවට තෙත් බිම් පිළිබදව අධ්‍යාපනය ලබා ගැනීමේ අවකාශය විවර වේ. ගොතටුව තෙත් බිම් උද්‍යාන සංකල්පය තුළ ජනතාව තෙත් බිම තුළට රැගෙන ඒම තුළින් තෙත් බිම ආරක්ෂා කිරීමට පෙළඹවීම මෙම අධ්‍යන මධ්‍යස්ථානයේ අරමුණයි.

1991 වසරේදී රැම්සා සමුළුවෙහි සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තෙත් බිම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලද්දේ පරිසර සංරක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍රයට ද වැඩි අවධානයක් යොමු කරමිනි. ඒ අනුව ලෝකයේ පළමුවන තෙත් බිම් අගනගරය ලෙස කොළඹ දිස්ත්‍රීක්කය හදුනාගන්නා ලදී.

පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම සඳහා ලංකාවේ සියළුම තෙත් බිම් සංවර්ධනය කර නඩත්තු කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් තෙත් බිම් සහ පහත් බිම් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති රැසක් මේ වනවිට ආරම්භ කර ඇත.

ඒ අනුව තලවතුගොඩ ජෛව විවිධත්ව අධ්‍යයන උද්‍යාන නඩත්තු කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිය මේ වනවිට 26% ක ප්‍රගතියක් අත් කරගෙන ඇති අතර එම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 20කි. තෙත් බිම් සංරක්ෂණය සහ පහත් බිම් සංවර්ධනය සඳහා වැඩමුළු පැවැත්වීම හා දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා මෙම වර්ෂය තුළ ලක්ෂ 10ක මුදලක් වැය කර ඇත. මෙය මෙම වර්ෂයේ පෙබරවාරී මස ආරම්භ කළ අතර ජුනි මස අවසානයේ අවසන් වීමට නියමිතය. මේ වනවිට 50% ක ප්‍රගතියක් අත් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

තෙත්බිම් සංරක්ෂණය සඳහා නිශ්චිත තෙත්බිම් කළමනාකරණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘති, තෙත්බිම් කාබන් අනුක්‍රමණය අධ්‍යනය සහ නීති විරෝධී කටයුතු වලින් තෙත් බිම් සංරක්ෂණය කිරීම යන ව්‍යාපෘතිද මෙම වසරේ ක්‍රියාත්මක කර අවසන් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

එම සංස්ථාව පවසන්නේ තෙත්බිම් කාබන් අනුක්‍රමණය අධ්‍යනය මාර්තු මස ආරම්භ වී සැප්තැම්බර් මස අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

අනෙක් ව්‍යාපෘති ද්විත්වය සඳහා තෙත්බිම් සංරක්ෂණය සඳහා නිශ්චිත තෙත්බිම් කළමනාකරණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2ක්ද, නීති විරෝධී කටයුතුවලින් තෙත්බිම් සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 20ක්ද වැය වී ඇති බවද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහන් කළේය. එය මේ වනවිට 34% ක ප්‍රගතියක් අත් කරගෙන ඇත.

තෙත්බිම් සංරක්ෂණය සහ තෙත්බිම් හා පහත් බිම් සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව තවත් ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක කරයි.

කොළඹ නගරයේ ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය, තෙත්බිම් ආක්‍රමණය වැලැක්වීමේ ව්‍යාපෘතිය සහ කළු ඔය වැසි ජල අපවහන සහ පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වේ. එය 2030 වසරේ අවසන් කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා පිළිවෙලින් රුපියල් මිලියන 4ක් රුපියල් මිලියන 21ක් රුපියල් මිලියන 2.50ක් වැය කර ඇත.

තෙත්බිම් ආක්‍රමණය වැලැක්වීමේ ව්‍යාපෘතිය මේ වනවිටත් 77.85%ක ප්‍රගතියක් අත් කරගෙන ඇත. කොළඹ නගරයේ ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය 22.08% ක ප්‍රගතියක්ද කළු ඔය වැසි ජලය අපවහන සහ පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිටත් 40% ක ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

අනුර ප්‍රදිප්

Post Views: 14,802
Previous Post

එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ අබලන් වු වහලය නිසා සිසුන්ගේ ජිවිත අනතුරේ

Next Post

සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළිත්

editor ttvnews

editor ttvnews

Next Post
ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට

සුරක්ෂා" සිසු රක්ෂණාවරණය යළිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved