2022 වසරේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවලට එක් කර ගත් තරුණ නියෝජිතයන් ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ආංශික අධීක්ෂණ කාරක සභා ප්‍රමාණය අඩු කර තරුණ සහභාගීත්වය ඉවත් කිරීම හරහා රජය තාරුණ්‍යයේ මතයට කන් නොදෙන බව ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
අධීක්ෂණ කාරක සභා අහිමි වූ තරුණයන් පිරිසක් හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව කියා සිටි අතර, තරුණයන් ඉවත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගය අදහස් ඉදිරිපත් කළද රජය එය නොසලකා හැර ඇති බව ඔහු අවධාරණය කළේය.














