රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කරමින් පුරවැසියා සහ රජය අතර ගනුදෙනු සරල කළ GovPay පද්ධතිය සිය ප්‍රථම වසර අද (12) සාර්ථකව සපුරනු ලබයි. ජනාධිපති සහ ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය, වසරක් තුළ රාජ්‍ය ආයතන 252ක් සම්බන්ධ කරගනිමින් රුපියල් බිලියන 2.7ක ගනුදෙනු ප්‍රමාණයක් වාර්තා කර ඇත.














