2026 අගෝස්තු මස 09 වන ඉරිදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (30) සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව අප්‍රේල් මස 30 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ නොකරන බව ද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මෙම විභාගය සඳහා පෙනී සිටිය හැක්කේ රජයේ හෝ රජය විසින් අනුමත කරන ලද පෞද්ගලික පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණි. ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ අඩු ආදායම් සහිත 2027 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් සඳහා පමණක් බව ද එම නිවේදනයේ සඳහන් වේ. අයදුම්පත් ඉදිරිපත් කිරීමට අදාළ සියලු උපදෙස් https://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
විශේෂ අවශ්‍යතා සහිත සිසුන් අයදුම් කළ යුතු ආකාරය පිළිබඳ විස්තරාත්මක තොරතුරු උපදෙස් පත්‍රිකාවේ ඇතුළත් කර ඇත. වැඩිදුර තොරතුරු සඳහා 1911 ක්ෂණික දුරකථන අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකිය.














