ග්‍රීසියේ වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට එරට රජය ඉදිරි දින කිහිපය ඇතුළත නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. දරුවන් ස්මාර්ට් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීමෙන් මුදා ගැනීමට මවුපියන් දරන උත්සාහයට සහාය වීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි.
මෑතකදී කරන ලද මත විමසුමකට අනුව ග්‍රීක වැසියන්ගෙන් 80%ක් පමණ මෙම තහනම අනුමත කර ඇති අතර, පාසල් තුළ ජංගම දුරකථන භාවිතය එරට රජය විසින් දැනටමත් තහනම් කර තිබේ. ඔස්ට්‍රේලියාව විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ගත් තීරණයට සමාන පියවරක් තමන් ද අනුගමනය කරන බව ග්‍රීක අගමැති කිරියාකෝස් මිට්සෝටාකිස් (Kyriakos Mitsotakis) මහතා ඉඟි කර ඇත. සයිබර් හිරිහැර (Cyberbullying), ඇබ්බැහි වීම් සහ අන්තර්ජාලය හරහා සිදුවන අපයෝජනයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ.
බොහෝ මවුපියන් මෙම තීරණය “මවුපියන්ට ලැබෙන විශාල සහනයක්” ලෙස හඳුන්වද්දී, සමහර දරුවන් සහ මවුපියන් පවසන්නේ මෙවැනි තහනමක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතු විය හැකි බවයි. කෙසේ වෙතත්, ඉරාන යුද්ධය වැනි ගෝලීය අර්බුද හමුවේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට මෙවැනි දැඩි තීරණ අවශ්‍ය බව ග්‍රීක රජයේ අදහසයි. මෙම තහනම ක්‍රියාත්මක කරන ආකාරය සහ සමාජ මාධ්‍ය සමාගම්වලට පනවන දඩ මුදල් පිළිබඳ විස්තර ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














