වැඩි වියදමක් නොදරා නිවස පින්තාරු කර ගැනීමට ගොස්, අවසානයේ තිබුණාටත් වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදු වූ ලෝබ නිවැසියෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ.
තම නිවස පින්තාරු කිරීම සඳහා පළපුරුදු බාස් කෙනෙකු ගෙන්වා ගත් මෙම නිවැසියා, බාස් වැඩ කරන අයුරු ඉතා ඕනෑකමින් බලා සිටියේය. නිවැසියාගේ ලෝබකම ගැන හොඳින් දැන සිටි බාස්, ඔහුට හොරෙන් තිනර් බෝතල් දෙකක තිබූ තිනර් ඉවත් කර ඒ වෙනුවට වතුර පුරවා තැබීය. ඉන්පසු නිවැසියා ඉදිරිපිටදීම එම ‘වතුර’ පිරවූ බෝතලය තීන්තවලට දමා කළවම් කර පෙන්වීය. එය දුටු නිවැසියා සිතුවේ තීන්ත දිය කිරීමට වතුර භාවිතා කළ හැකි බවයි.
බාස්ව කූට ලෙස දින කිහිපයකට නතර කළ නිවැසියා, තනිවම තීන්ත කළවම් කිරීමට ගොස් තීන්ත ටින් දෙකකටම වතුර දැමීය. එහි ප්‍රතිඵලයක් ලෙස තීන්ත සියල්ල ගුලි වී විනාශ වූ අතර, අවසානයේ බිරිඳගෙන් ද දෝස්මුරයක් අසා නැවතත් බාස් උන්නැහේ ලවාම වැඩේ කරවා ගැනීමට ඔහුට සිදු විය. නොදන්නා දේට අත ගසා අවසානයේ නිවැසියාට සිදු වූයේ තීන්ත ටින් දෙකක මුදල මෙන්ම බාස්ගේ කුලිය ද ගෙවීමටය.














