ගෝලීය රබර් කර්මාන්තයේ (Global Rubber Industries – GRI) ශ්‍රී ලංකා නියෝජිතත්වය දරන GRI ටයර් ආයතනය, සිය අලෙවි ජාලයේ විශිෂ්ටයන් ඇගයීම සඳහා සංවිධානය කළ Perera Tire Service Awards Night 2026 සම්මාන උළෙල පසුගියදා (පෙබරවාරි 01) කොළඹ Monarch Imperial පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. Perera Tire Service Ltd (PTS) ආයතනය විසින් සත්කාරකත්වය දැක්වූ මෙම රාත්‍රිය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, අලෙවි නියෝජිතයන් සහ හවුල්කරුවන් 250කට අධික පිරිසක් සහභාගී වූහ.
මෙහිදී වසරේ විශිෂ්ටතම GRI අලෙවි නියෝජිතයා ලෙස කොළඹ 15 පිහිටි Heavy Machinery Tire Points ආයතනය සම්මානයෙන් පිදුම් ලැබූ අතර, රඹෑව ශ්‍රීපාලි ටයර් හවුස් (Sripali Tire House) සහ අක්කරෙයිපත්තුව අබ්දීන් ටයර් සර්විස් (Abdeen Tire Service) ආයතන පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත්තේය. ජයග්‍රාහකයින් අගයමින් ඔවුන් වෙත ඩෙන්මාර්කය, නෝර්වේ සහ අසර්බයිජානය වැනි රටවල පූර්ණ අනුග්‍රහය සහිත විදේශ සංචාර මෙන්ම මෙරට පංච තරු හෝටල්වල සුඛෝපභෝගී නවාතැන් පහසුකම් පිරිනැමීම ද විශේෂත්වයකි.
මෙම සම්මාන උළෙල හරහා GRI ටයර් සන්නාමය මෙරට මෝටර් රථ, වාණිජ සහ බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය තුළ තවදුරටත් ස්ථාවර වී ඇති බව මනාව විදහා දැක්විණි. Perera Tire Service ආයතනය සමඟ පවතින ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව, සිය අලෙවි නියෝජිතයන්ගේ වර්ධනය වෙනුවෙන් දිගින් දිගටම ආයෝජනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ටයර් වෙළඳපොළ තුළ නව පෙරළියක් ඇති කිරීමටත් GRI ආයතනය අපේක්ෂා කරයි.














