වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත් කර තිබේ. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙම නව පත්වීම පිළිබඳ තොරතුරු මෙසේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගුණදාස සමරසිංහ මහතා මෙම තනතුරට පත් වීමට පෙර අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කළේය.
වැවිලි ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ සහ වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වගකීම නව ලේකම්වරයා වෙත පැවරෙනු ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම කිරීමේ පියවරක් ලෙස මෙම පත්වීම සිදු කර තිබේ.
















