හබරාදූව හැඬිවත්ත ප්‍රදේශයේ මුහුදේ දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිතුරන් කිහිපදෙනෙකු සමඟ ක්‍රීඩා කරමින් සිටියදී අනතුරට ලක්වූ මෙම සිසුවා ප්‍රදේශවාසීන් සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි. මියගොස් ඇත්තේ හබරාදූව ප්‍රදේශයේම පදිංචි දරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















