තුවාල ලබා තිබේ. හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක්, මාර්ගය හරහා ගමන් කළ බැකෝ යන්ත්‍රයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබූවන් වහාම හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව හම්බන්තොට වරාය පොලිසිය තහවුරු කරයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බැකෝ යන්ත්‍රය වරාය දෙසට ගමන් කිරීම සඳහා මාර්ගය හරහා ධාවනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හම්බන්තොට වරාය පොලිසිය විසින් මෙහෙයවනු ලබයි.














