හම්බන්තොට – මීගහජඳුර මාර්ගයේ හම්බන්තොට නගරයට ආසන්න ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී කාලයේදී මෝටර් රථයක් අනතුරට පත්ව තිබේ. පස්වරු 7.20 ට පමණ අධික වේගයෙන් ධාවනය වී ඇති කුඩා මෝටර් රථයක් පාලනය කරගත නොහැකිව මාර්ගය බෙදා වෙන්කරන මධ්‍ය දූපතේ (Island) තිබූ විදුලි කණුවක ගැටී ඇති බව වාර්තා වේ.
අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති අතර, විදුලි කණුවට ද අලාභහානි සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ කිහිප දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන්ට සුළු තුවාල සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
අධික වේගය හෝ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව වන්නට ඇති බවට සැක කෙරේ. හම්බන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














