එක්සත් ජාතික පක්ෂය (UNP) මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට නව මුහුණුවරකින් සහ නවක මුහුණුවලින් යුත් පක්ෂයක් බවට පත් කරන බව එහි නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු මහතා අද (23) ප්‍රකාශ කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පක්ෂය තුළ විශාල වෙනස්කම් සිදු කිරීමට නියමිත බවත්, එහිදී තරුණ නවක මුහුණුවලට වැඩි කාර්යභාරයක් පැවරෙනු ඇති බවත්ය.
මෙම වසරේ මාර්තු මාසයේ සිට ගම් මට්ටමින් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු ආරම්භ කරන බවත්, දෙසැම්බර් වන විට සම්පූර්ණයෙන්ම නව මුහුණුවරක් පක්ෂයට ලැබෙනු ඇති බවත් ඔහු පැවසීය.
පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සතු දැනුම සහ පළපුරුද්ද තරුණ පරපුරට දායාද කිරීමට පියවර ගන්නා බව ඔහු මෙහිදී අවධාරණය කළේය. තරුණ පරපුරට වත්මන් නායකයාගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දීම පක්ෂයේ ප්‍රධාන අරමුණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














