“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව හැටන් නගරය පවිත්‍ර කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) සාර්ථකව පවත්වනු ලැබීය.
නගර සභා නිලධාරීන්, සේවකයින් සහ ප්‍රදේශවාසීන්ගේ විශාල සහභාගීත්වයෙන් සිදුකළ මෙම මෙහෙයුමේදී හැටන් නගරයේ මාර්ග දෙපස ගොඩගැසී තිබූ කුණු කසළ ඉවත් කර නගරය පිරිසිදු කිරීමට පියවර ගැනුණි. ඉදිරි උත්සව සමය වෙනුවෙන් නගරයේ පිරිසිදුකම පවත්වාගෙන යාම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වී තිබේ.














