හැටන්, මටුකැලේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර පානීය ජල නළ ගැටළුවක් මුල් කර ගනිමින් ඇති වූ ගැටුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් 5 දෙනෙක් තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතළ තත්ත්වයේ සිටි 39 හැවිරිදි තිදරු පියෙකු මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) රාත්‍රියේ මියගොස් ඇත.
පසුගිය 24 වන දින සිට දෙපාර්ශවය අතර පවතින බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙකුත් සැකකරුවන් ද රෝහලෙන් පිටවූ වහාම අත්අඩංගුවට ගන්නා බව හැටන් පොලිසිය පවසයි.














